(ජයරත්න වික්‍රමාරච්චි)
යතුරුපැදියකින් යමින් සිටියදී ඉදිරියට ආ ඇතෙකුගෙන් බේරිමට යතුරුපැදිය මඟ දමා දිව ගිය ගොවියකු පිළිබඳව සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.
සාලියවැව- නීලබැම්ම මාර්ගයේ කිලෝ මීටර් දෙකක් පමණ ගිය විට හමුවන නීලබැම්ම අමුණට මීටර් 300 ක් නුදුරින් පිහිටි ස්ථානයක දී මෙම අනතුර සිදුව තිබේ.
අද (22) උදෑසන නීලබැම්ම මාර්ගයට ගොස් බලන විට යතුරුපැදිය කැළෑවට විසිකර පසුව කොළ අතු වලින් වසා දමා තිබූ බව දැක ගන්නට ලැබූ බව එම ගොවි මහතා කීය.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ සාලියවැව ඔට්ටුපල්ලම පදිංචි 50 හැවිරිදි ආර්.ඩී.ඥානරත්න නම් ගොවියෙකි. එම සිද්ධිය ඒ මහතා මෙසේ පැවසීය.
‘මම 21 වැනිදා රාත්‍රීයේ සාලියවැව යාය හතේ ඥාතියකුගේ පිංකම් ගෙදරක ගිහින් හිටියේ. එහේ ඉදලා අද (22) පාන්දර 4ට විතර ඇති මේ ස්ථානයෙන් ගෙදර යන්න එද්දී. මම මෝටර් සයිකලෙන් ආවේ. එහෙම එද්දී බයිසිකලේ ලයිට් එළියෙන් දැක්ක මට මීටර් 50 ක් විතර ඉස්සරහින් පාර අයිනේ ඇතෙකුයි අලියෙකුයි ඉන්නවා. ඒ ගමන්ම බයිසිකලේ නැවත්තුවා. ඒක නවත්වන කොටම ඇතා ඉස්සරහට වේගයෙන් එනවා දැක්කා. ඒ ගමන්ම බයිසිකලේ දමා ජීවිතේ බේරගන්න ආපහු දිව්වා.
එහෙම ගිහින් කිලෝමීටර් දෙකක් පමණ දුරින් රණවරාපිටියේ ඉන්න ඥාතියකුට කිව්වා. ඊට පස්සේ ඔවුන් සමඟ උදේ ඇවිත් බලන විට තමයි දැක්කේ ඇතා බයිසිකලේට කැලේට විසිවෙන්න පහරදීලා කොළ අතු වලිනුත් වහලා කියලා. සමහර අලි මිනිස්සු මරපුවාම අලි එහෙම කරනවා කියලා අහලා තියෙනවා. මේකත් මිනිහෙක් කියල හිතල එහෙම කළාද දැන් නෑ.‘‘



2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යතුරු පැදිය ඇතාට දී දිවි බේරාගනී