ඉඩම් අහිමි වූ ජනතාව හොරොව්පොතානේ උද්ඝෝෂණයක පහළ යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ. 31 August 2019
දංකොටුවේ අපරාධ නිවාරණ සහ රථවාහන මෙහෙයුමකදී 29 ක් අත්අඩංගුවට දංකොටුව පොලිස්වසම තුල අද (31) අඵයම 2.00 සිට උදෑසන 6.00 දක්වා සිදුකරන ලද විශේෂ අපරාධ නිවාරණ සහ රථවාහන මෙහෙයුමෙහිදී විවිධ වැරදි සිදුකල පුද්ගලයන් 29 ක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි. 31 August 2019
සාමකාමී බව පෙන්වීමට පේදුරුතුඩුවේ සිට කොළඹට පාගමනක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාවක් නැති බවට ඇතමුන් ප්‍රචාරය ගෙන ගියත් රටේ සාමකාමී වාතාවරණයක් පවත්නා බව පෙන්වා දීම සදහා මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු පේදුරුතුඩුවේ සිට කොළඹ බලා යන පාගමන අද 31 දහවල් පල්ලෙවෙල ප්‍රදේශය පසු කරනු ලැබීය. 31 August 2019
නීතිවිරෝධී දුම්වැටි ගෙන ආ මගියකු අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. 31 August 2019
ගිනි අවියක් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට ජංගම මුර සංචාරයේ යෙදි සිටි රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් අද (31) අලුයම 3.30ට පමණ රත්ගම ගම්මැද්දගොඩ ප්‍රදේශයේදි නීති විරෝධි ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ. 31 August 2019
සුළඟින් නිවාසවලට හානි හදිසියේ හමා ගිය සුළඟකින් ආණමඩුව,ආඬිගම ප්‍රදේශයේ නිවාස 07 කට පමණ හානි සිදුවී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් අපදා කළමණාකරණ ඒකකය කියයි. 31 August 2019
බොරලැස්ගමුවේදී පිහි ඇනුමකින් අයෙක් මරුට බොරලැස්ගමුව පෙරහර වත්ත ජයන්ති පෙදෙස ප්‍රදේශයේදී මිතුරන් තිදෙනෙකු අතර හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් අද (30) ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව එක් අයෙකු අනෙකාට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි. 30 August 2019
ලක්ෂ 10 ක් වටිනා තංගුස් දැල් - මාදැල් තොගයක් අත්අඩංගුවට නීති විරෝධී තංගුස් දැල් හා තහනම් මාදැල් භාවිත කළ පිරිසක් කලාවැව දී අද (30) අත්අඩංගුවට ගෙන තිබේ. 30 August 2019
ජංගල් බීච් මුහුදු තීරයේ දියනෑමට ගිය අයෙකු මරුට උණවටුන ජංගල් බීච් මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයකුගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ බව හබරාදුව පොලිසිය පවසයි. 30 August 2019
අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 3 ක් නාවික හමුදාව බේරාගනී හික්කඩුව සහ සීනිගම අතර මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් නාවික හමුදාව විසින් අද (30) බේරා ගත් බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කර්නල් ඉසුරු සුරිය බණ්ඩාර මහතා පැවසීය. 30 August 2019
වරෙන්තු 10ක් ඇති අයෙක් අත්අඩංගුවට කොටපොළ ප්‍රදේශයේ දී වරෙන්තු 10ක් ඇති පුද්ගලයෙකු අද (30) පලා යමින් සිටියදී පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලීසිය පවසයි. 30 August 2019
වියාලේන්ද්‍රන් ඇතුළු 5 ට ඇප මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් ඇතුළු පස් දෙනෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ඒ.සී. රිස්වාන් මහතා අද (30) නියෝග කළේය. 30 August 2019
මහින්ද මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කරයි බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කිරීම අද (30) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය. 30 August 2019
හිමිනමකට පහරදුන් අයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණයක් සිංහලේ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ කොළඹ බුද්ධ ශාසන අමාත්‍යංශය ඉදිරිපිටදී අද(30) උද්ඝෝෂණයක නිරත වූහ. 30 August 2019
බස් - ත්‍රි රෝද රථ අනතුරකින් 2ක් මරුට - 3ක් රෝහලේ මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දුම්මලකොටුව ප්‍රදේශයේදී අද (30) උදෑසන පෞද්ගලික බස්රථයක් හා ත්‍රිරෝද ගැටීමෙන් වූ අනතුරකින් හෙදියක හා ත්‍රිරෝද රථ රියදුරු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 30 August 2019
නිධන් සෙවූ දෙදෙනෙක් අත්අඩංගුවට නවගත්තේගම මොරගහවැව රක්ෂිතයේ කුඩා දොඩම්අත්තාව වැවේ ඉස්මත්තේ ගල් තලාවක නිධන් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (30) අත්අඩංගුවට ගත් බව නවත්තේගම පොලිසිය. 30 August 2019
මුන්දලම සෙබ්බැට්ටේදී පහරකෑමට ලක්වූ අයෙක් මරුට මුන්දලම සෙබ්බැට්ට ප්‍රදේශයේ පුද්ගලයකු බරපතල තුවල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටියදී අද (29) සවස මරණයට පත්වී ඇති බව මුන්දලම පොලිසිය පවසයි. 29 August 2019
ගංජා ගස් 135ක් සමඟ අයෙක් අත්අඩංගුවට තණමල්විල කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේ පර්චස් දෙකක ඉඩමක වගා කර තිබූ ගංජා ගස් 135ක් සමග පුද්ගලයෙකු අද (29) අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය පවසයි. 29 August 2019
දිඹුලාගල මාධ්‍ය කාර්යාලයේ දේපළ හානි කළ ප්‍රා. සබේ විපක්ෂනායකට නඩු දිඹුලාගල මාධ්‍ය කාර්යාලයේ ගෙවත්තට අනවසරයෙන් ඇතුළු වී එහි වැටකම්බි කණු කඩා දමා දේපළ හානි කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වන ලයනල් රංජිත් කහගල්ල මහතාට නඩු පැවරීමට කටයුතු කළ බව පොළොන්නරුව පොලිසිය කියයි. 29 August 2019
අ’පුර සරසවි සිසුහු සත්‍යග්‍රහයක අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන් 22දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ සිසුහු අද(29) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති. 29 August 2019
බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගැරූ 8 ක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගැරූ පුද්ගලයන් අටදෙනෙකු අද (29) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි. 29 August 2019
කල් ඉකුත් වූ ඖෂධ - එළවළු විකිණූ ව්‍යාපාරිකයන් 15 කට නඩු උතුරු ආණ්ඩුකාර කාර්යාලයේ කාර්යාසාධක නිලධාරීන් හා සංගානෙයි ආහාර පාලන නිලධාරීන් විසින් යාපනය සංගානෙයි ප්‍රදේශයේ එළවළු හා ඖෂධ ස්ථාන හදිසි සෝදිසි පරීක්ෂාවකට ලක්කිරීමේදී අපිරිසිදු ආහාර මෙන්ම කල් ඉකුත්වූ ඖෂධ හා එළවළු විකිණු ව්‍යාපාරිකයින් 15 දෙනෙකුට නඩු දැමීමට පියවර ගෙන ඇත. 29 August 2019
‘මහ කන්නයේ වගා හානි වන්දි මුදල් දෙසැම්බරයට පෙර දෙනවා’ මහ කන්නයේ වගා හානි වූ ගොවීන් සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර ගෙවීමට හැකියාවක් ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද(29) පැවසීය. 29 August 2019
රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට හොරණ - මහරගම මාර්ගයේ මොරගහහේන බෙරුකැටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් ඊයේ (28) රාති‍්‍රයේ සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 29 August 2019
යුද හමුදාපති පළමු වරට අගමැති හමුවෙයි නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (28) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවිය. 28 August 2019
තෙවන පාසල් වාරයට පෙර ඩෙංගු මර්දන වැඩසටහනක් තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර දිවයිනේ සෑම පාසලක්ම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළාය. 28 August 2019
වතු සේවකයාගේ දේහය වත්තට ගෙනාවාට හාම්පුතාගේ විරෝධය පිළිකා රෝගයකින් මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් අවසන් ගෞරව දැක්වීමට තැන්පත් සඳහා ඔහු වසර තුනක් නැවතී සිටි නිවසට ගෙන යාමට ඉඩ නොදීම නිසා රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේ රබර් ඉඩමක ඉටි පන්දම් දල්වාගෙන සිටින බවට අද (28) රාත්‍රියේ ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් එහි යැවූ බව රත්නපුර පොලිසිය පැවසීය. 28 August 2019
බිරිඳගේ පළමු විවාහයේ දියණියට ලිංගික අතවර කළ බාප්පා අත්අඩංගුවට තම බිරිඳගේ පළමු විවාහයේ දියණියට ලිංගික අතවර සිදු කළ බව කියන පුද්ගලයෙකු අද (28) සවස වඳුරඹ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 28 August 2019
නීති විරෝධී රට සිගරට් 1600 ක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට නීති විරෝධීව තුර්කියේ සිට මෙරටට රැගෙවිත් තිබූ දුම්වැටි 1600 ක් රුවන්වැල්ල කරවනැල්ල වෙළෙඳසැලක තිබී සීතාවක කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථාන කියයි. 28 August 2019
තේක්ක දැව තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරා සකස් කරන ලද තේක්ක දැව තොගයක් අද (28) සවස පොලොන්නරුව කලහගල ප්‍රදේශයේදී එක් සැකකරුවෙක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. 28 August 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025