(හොරොව්පොතාන පැතුම් දර්ශන)
පහළ යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
නියමිත ඉඩම් වන්දි නොලැබීම, ඉඩම් කට්ටි 47ක් වෙනුවෙන් ලැබී ඇති මිලියන 91ක මුදල බෙදාදීමට අමාත්‍යවරයාට දිනයක් ලැබෙන තුරු මාස දෙකකට වැඩි කාලයක් රඳවා තබා ගැනීම, නොයෙක් ගැටලු මැද ජීවත්වන ජනතාවට ලැබෙන වන්දි මුදල බෙදාදීම සඳහා කිලෝමීටර් 58ක් දුර ගෙවා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැඳවීම, වන අලි ගම් වැදීම සහ අලි ප්‍රහාරයෙන් මිනිස්සුන් මිය යාම යන කාරණා මුල් කරගනිමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නිරත වූහ.
පහළ යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, පුහුදිවුළ, මාවතවැව, අලියාකඩ, වාගොල්ලාකඩ යන ප්‍රදේශවල විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඒ හේතුවෙන් හොරොව්පොතාන නගරයට දැඩි ආරක්ෂාවක් යෙදවිමටද පොලිසිය කටයුතු කර තිබුණි.
හොරොව්පොතාන රෝහල ඉදිරිපිට සිට හොරොව්පොතාන බස් නැවතුම්පොළ ඉදිරිපිටට පා ගමනින් පැමිණි උද්ඝෝෂකයෝ එම ස්ථානයේදී උද්ඝෝෂණයේ නිරත විය. නගරයේ සති පොලද එදින පැවැත්වුණු නිසා විශාල ජනතාවක් නගරයට පැමිණ සිටි අතර ඒ හේතුවෙන් තරමක වාහන තදබදයක් ද ඇතිවුණු මුත් පොලිසිය මැදිහත් වී රථවාහන මෙහෙය වූ නිසා කිසිවෙකුටවත් කරදරයක් නොවීය.
උද්ඝෝෂකයෝ චෝදනා කළේ විෂය භාර අමාත්‍යවරයා වගකීමෙන් තොරව කටයුතු කිරීම නිසා තමන් කබලෙන් ලිපට වැටී සිටින බවයි. හරිහමන් බත් වේලක් කන්න නැතිව සිටියදී බෙදාදීමට දිනයක් ලැබෙන තුරු ඇමතිවරයාගේ නියමයෙන් මාස දෙකකට වැඩි කාලයක් වන්දි මුදල් රඳවා තබා ගැනීම පිළිබඳව ජනතාව දැඩි අප්‍රසාදය පළ කළහ.
පොලිස් දැඩි ආරක්ෂාව මැද පැය එකහමාරකට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ උද්ඝෝෂකයෝ අවසානයේ වාරිමාර්ග අමාත්‍ය පී. හැරිසන් මහතාගේ නමින් හැදු පඹයෙකු පිලිස්සීමට ගත් උත්සාහය පොලිසිය විසින් නවතා දැමීය. පසුව උද්ඝෝෂණයේ නිරත වූ කාන්තාවන් පිරිසක් එම පඹයා කඩා බිඳ දමා පාගමින් හූ කියමින් කෑ ගැසූ අතර මද වේලාවකින් ඔවුහුද විසිර ගියහ.


2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉඩම් අහිමි වූ ජනතාව හොරොව්පොතානේ උද්ඝෝෂණයක