IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


තෙවන පාසල් වාරයට පෙර ඩෙංගු මර්දන වැඩසටහනක්

(නිමල කොඩිතුවක්කු)

තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර දිවයිනේ සෑම පාසලක්ම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශීලා සමරවීර මහත්මිය ප‍්‍රකාශ කළාය.

ලබන  2 වැනිදා තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිත අතර ඒ අනුව  ලබන 1 වැනිදා වන විට ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයිද ඇය පැවසුවාය.

මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 42,003ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව රෝගීන් 3000 ක පමණ වැඩිවීමක් බවත් ප‍්‍රශීලා සමරවීර මහත්මිය ප‍්‍රකාශ කළාය.

මෙම රෝගීන්ගෙන් 8800ක් කොළඹින්ද, 6388ක් ගම්පහ ප‍්‍රදේශයෙන්ද, 4046ක් කලුතරින්ද, ගාල්ලෙන් රෝගීන් 4334ක්ද, නුවරින් 2500ක් ද, යාපනයෙන් 2100 ක් සහ මාතරින් 2100ක් ද වශයෙන් රෝගීන් වාර්තා වී ඇත.

පසුගිය වසරේ වාර්තා වු ඩෙංගු මරණ සංඛ්‍යාව 58ක් වන අතර මේ වසරේ මේ වන විට ඩෙංගු මරණ 64ක් වාර්තා වී ඇති බවද ඇය ප‍්‍රකාශ කළාය.



අදහස් (0)

තෙවන පාසල් වාරයට පෙර ඩෙංගු මර්දන වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32460 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14955 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9908 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 109 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 393 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site