IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දංකොටුවේ අපරාධ නිවාරණ සහ රථවාහන මෙහෙයුමකදී 29 ක් අත්අඩංගුවට

(සඳලංකාව හේමලතා ඩී. හේවගේ)                               

දංකොටුව පොලිස්වසම තුල අද (31) අඵයම 2.00 සිට උදෑසන 6.00 දක්වා  සිදුකරන ලද  විශේෂ  අපරාධ නිවාරණ සහ රථවාහන මෙහෙයුමෙහිදී විවිධ වැරදි සිදුකල පුද්ගලයන් 29 ක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි.                         

වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ සංකල්පයකට අනුව දිවයිනපුරා පොලිස් බලප්‍රදේශ ආවරණ වන අයුරින් ක්‍රියාත්මක කරන ලද මෙම මෙහෙයුමේදී සොරකමට සැකපිට සැකකරුවන් 05ක්, දින වරෙන්තු 06ක්, විවෘත වරෙන්තු 06ක්,  ගංජා ලඟ තබාගත් 03ක්, බීමත් රිය ධාවනය කල 02ක්, නීතිවිරෝධී මත්වතුර ප්‍රවාහනය කල 02ක්, ඇතුඵ සැකකරුවන් 29ක්, අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලීසිය පවසයි.      

පොලිස් නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම මෙහෙයුම සඳහා සහභාගී වූ බවද සඳහන්වේ.                  

දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක එස්. හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු මෙම වැටලීම සඳහා එක්වූහ.



අදහස් (0)

දංකොටුවේ අපරාධ නිවාරණ සහ රථවාහන මෙහෙයුමකදී 29 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site