(ටී.එල්.ජව්ෆර් ඛාන් සහ වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් ඇතුළු පස් දෙනෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ඒ.සී. රිස්වාන් මහතා අද (30) නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් මහතා ඇතුළු 5 දෙනාට නැවත ඔක්තෝබර් 4 වැනිදා උසාවියේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියම කළේය.
මඩකලපුව සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ දේහය උසාවි නියෝග මත මඩකලපුව කල්ලියනකාඩු සුසාන භුමියේ භූමිදානය කිරීමට විරෝධය දක්වමින් පසුගිය 27 වැනිදා මන්ත්‍රී වියාලේන්ද්‍රන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක නිරත වුහ.
එම උද්ඝෝෂණයේ දී මහජනයා අපහසුතාවයට පත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රී වියාලේන්ද්‍රන් ඇතුළු පිරිසට චෝදනා ගොනු කර තිබිණි.
ඒ අනුව මන්ත්‍රී වියාලේන්ද්‍ර මහතා අද (30) උසාවියට ඉදිරිපත් වූ අවස්ථාවේ දී මෙලෙස ඇප මත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වියාලේන්ද්‍රන් ඇතුළු 5 ට ඇප