කේරළ ගංජා කිලෝ 2ක් අත්අඩංගුවට - සැකකරු පලා යයි සුඛෝපභෝගී මෝටර් රථයකින් යාපනයේ සිට දඹුල්ල දක්වා කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද(05) අත්අඩංගුවට යෑමේදී ඔහු කේරළ ගංජා කිලෝ දෙකක ප්‍රමාණයක් සමග මෝටර් රථය දමා පලා ගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 05 September 2019
හම්බන්තොට ලුණු සංස්ථාවේ සේවකයෝ විරෝධතාවයක හම්බන්තොට ලුණු සංස්ථාවේ පරිපාලනයට එරෙහිව එහි සේවකයෝ 300ක පමණ පිරිසක් අද (05) හම්බන්තොට කතරගම ප්‍රධාන මාර්ගය ලුණු ලේවාය අසළින් එක් මංතීරුවක් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. 05 September 2019
බස්-කාර් අනතුරින් අයෙක් මරුට කිලිනොච්චිය මාන්කුලම් ඒ-9 ප්‍රධාන මාර්ගයේ දී මුරුගණ්ඩි ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් ඇතැයි මාන්කුලම් පොලීසිය පවසයි. 05 September 2019
ගිනි අවි - ජීව උණ්ඩ සමග අපරාධකරුවෙක් අත්අඩංගුවට ගාල්ල නගරයේ මංකොල්ලාකෑම් තුනක් ඇතුලු අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු ගිනිඅවියක් සහ ජීව උණ්ඩ තුනක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් බූස්ස කදුරුපේදී අත්අඩංගුවට ගෙන ඇත. 05 September 2019
කසළ තේ කුඩු 200 ක් සමඟ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට තලවකැලේ නගරයේ වෙළෙඳ සැලක කසළ තේ කුඩු හොඳ තේ කුඩු සමඟ කවලම් කර අළෙවි කිරීමට තබා තිබූ තේ කොළ කිලෝ 200 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (04) රාත්‍රී 8.00 ට පමණ අත්අඩංගුවට ගත්බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි. 04 September 2019
ඝාතනය කළ අයකුගේ සිරුරක් වසරකට පසු ගොඩගනී පහරදී ඝාතනය කර මීට වසර එකහමාරක පෙර රත්නපුර පොලිස් වසමේ හෙට්ටිකන්දේ කලුවරකැලේ රක්ෂිතයේ වළ දමා තිබූ තරුණයෙකුගේ සිරුරක් අපරාධයට සම්බන්ධ සැකකරුවන්ගේ ප්‍රකාශ මත අද (04) සවස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය ඉදිරියේ ගොඩගනු ලැබීය. 04 September 2019
රිය අනතුරකින් අයෙක් මරුට යාපනය නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය අරවියල් නගර්හිදී අද(04) සවස සුඛෝපභෝගී ජීප් රථයක් බස්රථයක ගැටී පුද්ගලයකු මිය ගොස් ඇති බව මාන්කුලම පොලිසිය කියයි. 04 September 2019
මා ඔයේ තිබී හමු වූ සිරුරු දෙකෙන් එක් සිරුරක් හඳුනාගනී අලව්ව මා ඔයේ තිබී හමු වූ නාදුනන තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු වලින් එක් අයෙකුගේ දේහය අද (04) කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ දී ඥාතීන් විසින් හඳුනාගෙන ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය කියයි. 04 September 2019
ලක්ෂ 6ක හෙරොයින් සමඟ 4ක් අත්අඩංගුවට මෝටර් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු පානදුර ගාලුපාර මීගහකෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. 04 September 2019
ගිනි අවිය පත්තු වී පලෛයි හමුදා කඳවුරේ භටයෙකුට තුවාල යාපනයේ පලෛයි හමුදා කඳවුරේ සේවයේ නියුතු හමුදා නිලධාරියෙකු සතු ගිනි අවිය පත්තු වී ඔහු තුවාල ලබා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවැසීය. 04 September 2019
කළුගඟ වැඩබිමේ ට්‍රැක්ටරයක් පෙරැළී රියදුරු මරුට මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියේ කළුගඟ වැඩ බිමෙහි ට්‍රැක්ටර්යක් පෙරැළිමෙන් අද (04) සිදු වූ අනතුරකින් එහි රියදුරු මියගොස් ඇතැයි ලග්ගල පල්ලේගම පොලීසිය කියයි. 04 September 2019
වවුනියාවේ ගම්මාන 5ක වැසියෝ ඉඩම් ඉල්ලා වීදි බසිති වව්නියාව බෝගස්වැව ඇතුළු ගම්මාන 5 ක නැවත පදිංචි කරවූ වැසියන්ට වසර 7 ක කාලයක් තිස්සේ පොරොන්දු වූ පරිදි ගොවිතැන් කිරීමට කුඹුරු ඉඩම් නොදීම හේතුවෙන් එම ඉඩම් ඉල්ලා එම ගම්මානවල ජනතාව රඹවේටිකුලම් වැව ඉදිරිපිටදී පදවිය මාර්ගය අවහිර කරමින් අද (04) උද්ඝෝෂණයක නිරත වූහ. 04 September 2019
සොරණාතොට කඳුවැටියේ ගින්නක් දුන්හිද දියඇල්ලට ප්‍රතිවිරුද්ධ දෙසින් පිහිටි සොරණාතොට කඳුවැටියේ අද (04) ගිනිගැනීමෙන් අක්කර 20කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 04 September 2019
මුවමස් කිලෝ 10 ක් සමඟ අයෙක් අත්අඩංගුවට හම්බන්තොට කැටන්වැව ප්‍රදේශයේ නිවසක තිබී මුව මස් කිලෝ 10 ක් සමඟ පුද්ගලයෙකු අද(04) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිලධාරීහු පවසති. 04 September 2019
අලි කරදරවලට විසඳුම් ඉල්ලා උද්ඝෝෂයක් කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුක්වැව, පඬරැල්ලෑව, පංවැල්ල,මීමින්නාවල,යන ගම්මානවල ජනතාව අද (4) කහටගස්දිගිලිය නගරයට පැමිණ උද්ඝෝෂණයක නිරතවූහ. 04 September 2019
රිය අනතුරකින් නියෝජ්‍ය විදුහල්පතිනියක් මරුට පිටිගල, මත්තක ප්‍රදේශයේදී අද(04) බස් රථයක් යතුරුපැදියක ගැටී පොද්දිවෙල මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මියගොස් ඇතැයි පිටිගල පොලිසිය කියයි. 04 September 2019
කහටගස්දිගිලිය ප්‍රා.ලේ. විරුද්ධව උද්ඝෝෂණයක් කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් පක්ෂග්රාහීව තීරණ ගන්නා බව පවසා ඔහු වෙනත් ප්‍රදේශයකට මාරු කර යවන ලෙස බලකරමින් පිරිසක් ඊයේ (03) දහවල් සිට කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයට විරෝධය දක්වමින් කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම තවත් පිරිසක් අද (04) උදඝෝෂණයට එක්ව සිටිති. 04 September 2019
බැංකු කාඩ්පතකින් මුදල් සොරා ගත් තරුණයකු ඇතුළු කතක් අත්අඩංගුවට ගිරාදුරුකෝට්ට ගල්පෝරුයායේ ට්‍රැක්ටර් රථ රියදුරකුගෙන් බැංකු කාඩ්පතක් සොරාගෙන ටෙලර් යන්ත්‍රයකින් රුපියල් 95,000 ක් වංචනික ලෙස ලබාගත් තරුණයකු සහ කාන්තාවක අද (4) අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි. 04 September 2019
මදුරංගල වැව සාදා දෙන්නැයි විරෝධතාවක් වැලිකන්ද මදුරංගල ගම්මානයේ ගොවීහු සහ ධීවරයෝ පිරිසක් අද(04) මදුරංගල වැව අසළ උද්ඝෝෂණයක නිරත වූහ. 04 September 2019
‘ජනපතිවරණයට කුළල් කාගන්නවා වෙනුවට ඇල්පිටිය මැතිවරණය ජයගත යුතුයි’ වත්මන් දේශපාලන වාතාවරණය අනුව කළ යුතුව ඇත්තේ ජනාධිපතිවරණය අල්ලාගෙන කුළල් කා ගැනීම නොව කලින්ම පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ජයග්‍රහණය සඳහා ක්‍රියාකිරීම යැයි සභානායක සහ රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට අද(4) පැවැසීය. 04 September 2019
මත්කුඩු සමඟ 14 ක් අත්අඩංගුවට දඹුල්ල හා අවට නගරවල හෙරොයින් මත්කුඩු අලෙවි කරන පුද්ගලයන් 14 දෙනෙකු රුපියල් ලක්ෂ තුනකට වැඩි වටිනාකමකින් යුත් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි. 04 September 2019
හමුදා ඇඳුම් කට්ටලයක් - මන්නා 2 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට හෝමාගම ගොවිජනපදය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා ඇඳුම් කට්ටලයක් , මන්නා දෙකක්, කඩුවක් , වෙස් මුහුණු දෙකක් සහ හෙරොයින් මිලි ග්‍රෑම් 2760 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි. 03 September 2019
දෙමෝදර වලස්බැද්ද කන්දේ ගින්නක් ඇල්ල දෙමෝදර වලස්බැද්ද කන්දේ අද (03) පස්වරුවේ හටගත් ගින්නක් මේ වන විටත් පැතිරෙමින් පවතී. 03 September 2019
නාවුල ප්‍රා.සභාවේ කාලගෝට්ටියක් නාඋල නගරයේ ආරම්භ කිරිමට යෝජිත ඔට්ටු ඇල්ලීමේ ‘සූදු‘ ආයතනයකට නාවුල ප්‍රාදේශිය සභාව මගින් අවසර ලබා දුනනේ යැයි කියමින් ඊට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරු විරෝධතාවයක නිරත වූහ. 03 September 2019
නාඳුනන මළ සිරුරු දෙකක් වරකාපොලින් හමුවෙයි වරකාපොළ මා ඔයේ පාළම ආසන්නයේ තිබී පිරිමි මළ සිරුරු දෙකක් පොලීසිය විසින් අද සොයාගෙන ඇත. 03 September 2019
සායනික අපද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝවත්තට ගෙනවිත් දමලා වනාතවිල්ලුව පුබුදුගම ආසන්නයේ ඉඩමකට කිසියම් පිරිසක් සායනික අපද්‍රව්‍ය තොගයක් දමා ගොස් තිබියදී අද(03) හමුවී ඇති බව පුබුදුගම ගම්වාසීහු පවසති. 03 September 2019
දැරියක් පැහැරගෙන යෑමට තැත් කළ තරුණයෙක් අත්අඩංගුවට බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඔලුගන්තොට ප්‍රදේශයේ දි වයස අවුරුදු එක්කොළහ දැරියක් පැහැරගෙන යැමට තැත් කළ වයස අවුරුදු 17 ක තරුණයයෙකු අද (03) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 03 September 2019
සෙවණගල ඇළක් අසළ ජීව අත්බෝම්බයක් සෙවණගල හබරලූආර ස්ප්‍රිල් හන්දියේ ඇළ මාර්ගයක් අසළ තිබී කේ.400 වර්ගයේ ජීව අත්බෝම්බයක් අද (3) සොයා ගෙන ඇතයි සෙවණගල පොලීසිය පවසයි. 03 September 2019
නිවසට හොරෙන් වතුර ගත් වත්තල ප්‍රා.සබේ මන්ත්‍රීට දඩ වත්තල ප්‍රාදේශීය සභාවේ නාගරික මන්ත්‍රීවරයකු නිවසට හොරෙන් වතුර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු රුපියල් 5000 ක දඩයක් අද (3) නියම කර ඇත. 03 September 2019
හම්බන්තොට රෝහලේ බාහිර රෝගී ඒකකයේ වෛද්‍යවරු වර්ජනයක හම්බන්තොට මහ රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකය (ඕ.පි.ඩී) වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද(03) වසා දැමීම හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව ඇතැයි රෝගීහු පවසති. 03 September 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025