IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මත්කුඩු සමඟ 14 ක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල හා අවට නගරවල හෙරොයින් මත්කුඩු අලෙවි කරන පුද්ගලයන් 14 දෙනෙකු රුපියල් ලක්ෂ තුනකට වැඩි වටිනාකමකින් යුත් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.

මත්කුඩුවලින් තොර දඹුල්ලක් ඇති කිරීම සඳහා දඹුල්ල පොලීසිය  සිවිල් සංවිධාන නියෝජිතයෝ  එක්ව ආරම්භ කර ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීමේදී බස් රථ වලින් කප්පම් ගන්නා නමගිය අයකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත් පිරිස දඹුල්ල, සේරුගස්යාය, කැකිරාව , මඩාටුගම පදිංචි කරුවෝ වෙති.

ඔවුන් සන්තකයේ තිබී ඊසි කෑෂ් ක්‍රමයට කුඩු පැකට් අලෙවි කරන ජංගම දුරකථන කිහිපයක් පොලිස් බාරයට ගෙන තිබේ.

විශාල මිල ගණන් දී මත්කුඩු මිලදී ගෙන සඟවා ගෙන සිටි දඹුල්ල  50  දෙනෙකු ඉකුත් සතියේ අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති තරුණියන් වයස අවුරුදු 22 සිට වයස අවුරුදු 32 දක්වා වූ විවාහක හා අවිවාහක  පිරිසක්  වෙති.



අදහස් (0)

මත්කුඩු සමඟ 14 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32466 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14962 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9911 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site