IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


හම්බන්තොට රෝහලේ බාහිර රෝගී ඒකකයේ වෛද්‍යවරු වර්ජනයක

(සනත් ගමගේ)
 
හම්බන්තොට මහ රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකය (ඕ.පි.ඩී) වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්  හේතුවෙන් අද(03) වසා දැමීම හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව ඇතැයි රෝගීහු පවසති.
 
බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක් රෝහලේම වෙනත් ස්ථානයකට ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂවරයාට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අද(03) රෝහලේ බාහිර ‍රෝගී අංශය වසා දමා රෝගීන්ට ප්‍රතිකාර නොකළ බව හම්බන්තොට මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් දුමිදු කොඩිතුවක්කු මහතා කීය. 
 
රෝහල් අධ්‍යක්ෂවරයා මේ සඳහා යහපත් ක්‍රියාමාර්ගයක් නොදක්වන්නේ නම් හෙට(04) දිනයේ දී සමස්ත රෝහලේ වැඩ වර්ජනයක් දියත් කිරීමට පවා සිදුවන බවද සඳහන් කළේය.
 
මේ සම්බන්ධයෙන්  හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය මහතා කියාසිටියේ බාහිර රෝගී අංශයේ සිටි වෛද්‍යවරියක් පසුගියදා රෝහලේ වෙනත් ස්ථානයට අවශ්‍යතාවය මත මාරුකර ඇති අතර, මේ මාසයේ සිට එම ස්ථානයේ  සේවය කිරීමට කටයුතු කරන ලෙසට   දන්වා ඇති හෙයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දන්වා ඇති බවයි. එම තීරනය වෘත්තිය ක්‍රියාමාර්ගයක් හෙයින් සෞඛ්‍ය අමාත්‍යංශයට මේ බව දන්වා ඇති බවයි.
 
මෙවැනි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගැනීමෙන්  රෝහලට බෙහෙත් ගැනීමට පැමිණි  අසරණ රෝගීන් පත්ව ඇති අපහසුතාවය ගැන තමා කනගාටුවන බවද ඒ මහතා කීය. දිගින් දිගටම රෝහලේ  සිදුවන වර්ජන සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක්  පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා යවා ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.  

 



අදහස් (0)

හම්බන්තොට රෝහලේ බාහිර රෝගී ඒකකයේ වෛද්‍යවරු වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32466 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14962 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9911 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site