IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කසළ තේ කුඩු 200 ක් සමඟ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට

(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ නගරයේ වෙළෙඳ සැලක කසළ තේ කුඩු හොඳ තේ කුඩු සමඟ කවලම් කර අළෙවි කිරීමට තබා තිබූ තේ කොළ කිලෝ 200 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (04) රාත්‍රී 8.00 ට පමණ අත්අඩංගුවට ගත්බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

පිටස්තර ප්‍රදේශවල සිට කසළ තේ කුඩු රැගෙන විත් හොඳ තේ කුඩු සමඟ කවලම් කර ඒවා පැකට් කර අළෙවි කිරීමේ  ජාවාරමක මෙම පුද්ගලයන් කලක පටන්  නිරතව ඇති බව තලවකැලේ පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ආර්. එම්. රාජකරුණා මහතා කීය.

මෙම වෙළෙඳ සැලට තේ කුඩු අළෙවි කිරීමේ බලපත්‍රයක් ඇති බවත් එම බලපත්‍රය භාවිතා කරමින් මෙසේ කසළ තේ කුඩු හොඳ තේ කුඩුවල කවලම් කර අළෙවි කිරීම සිදු කර ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා හා කසළ තේ කුඩු තොගය නුවරඑළිය අධිකරණ වෙත ඉදිරිපත් කිරීම සඳහා තලවකැලේ පොලිසිය වෙත භාරදීමට පියවර ගත්බවද අණදෙන නිලධාරීවරයා වැඩිදුරටත් පැවැසීය.

 

 



අදහස් (0)

කසළ තේ කුඩු 200 ක් සමඟ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site