(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම ගොවිජනපදය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා ඇඳුම් කට්ටලයක් , මන්නා දෙකක්, කඩුවක් , වෙස් මුහුණු දෙකක් සහ හෙරොයින් මිලි ග්‍රෑම් 2760 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා සේවයෙන් ඉවත් වූ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු සහ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි අයෙකු බව පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් අනුව ත්‍රී රෝද රථය පරීක්ෂා කිරීමේදී මෙම භාණ්ඩ පොලිස් නිලධාරීන් භාරයට ගත් බව පොලිසිය කීය.
සැකකරුවන් දෙදෙනා (05) වැනිදා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd