IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කහටගස්දිගිලිය ප්‍රා.ලේ. විරුද්ධව උද්ඝෝෂණයක්

(පැතුම් දර්ශන)
 කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් පක්ෂග්‍රාහීව තීරණ ගන්නා බව පවසා ඔහු වෙනත් ප්‍රදේශයකට මාරු කර යවන ලෙස බලකරමින් පිරිසක් ඊයේ (03) දහවල්   සිට  කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වු උද්ඝෝෂණයට විරෝධය දක්වමින් කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම  තවත් පිරිසක් අද  (04)  උදඝෝෂණයට එක්ව සිටිති.
 

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම්වරයා නීතිගරුක නිලධාරියෙකු බවත් ඔහු කිසිවිටෙක පක්ෂග්‍රාහීව කටයුතු නොකරන බවත් එහිදී උද්ඝෝෂකයෝ පැවසූහ.
 
 තම පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා අවස්ථාව නොලැබුණ කල්හි බොරු චෝදනා ඉදිරිපත් කර ප්‍රාදේශීය ලේකම්වරයා සහ නිලධාරීන් අපහසුතාවයට පත්කිරීමට සීමිත පිරිසක් උත්සාහ කරන බවත් ඒ සඳහා කහටගස්දිගිලිය ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධයක් දක්වන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
 
කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ආරම්භ කළ උද්ඝෝෂණය පාගමනින් කහටගස්දිගිලිය නගරය දක්වා ගොස් ඔරලෝසුව කණුව අසලින් ආපසු හැරී අනුරාධපුර ත්‍රීකුණාමලය මාර්ගයේ පිහිටි කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලට පැමිණ නැවත උද්ඝෝෂණයේ නිරතවූහ.
 
ඒ වනවිටත් ප්‍රාදේශීය ලේකම්වරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිටි අතර උද්ඝෝෂකයෝ එම නිලධාරීන්ටද කරුණු පහදා දෙමින් ලිඛිතව තම ඉල්ලීම් ඉදිරිපත් කළහ.

පැයක පමණ කාලයක් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වීමෙන් පසුෙ විසිර ගිය අතර කහටගස්දිගිලිය පොලීසිය විසින් නගරයට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට දැඩි ආරක්ෂාවක් යොදා තිබුණි.



අදහස් (0)

කහටගස්දිගිලිය ප්‍රා.ලේ. විරුද්ධව උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site