IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ජනපතිවරණයට කුළල් කාගන්නවා වෙනුවට ඇල්පිටිය මැතිවරණය ජයගත යුතුයි’

(නිමල කොඩිතුවක්කු)
 
වත්මන් දේශපාලන වාතාවරණය අනුව කළ යුතුව ඇත්තේ ජනාධිපතිවරණය අල්ලාගෙන කුළල් කා ගැනීම නොව කලින්ම පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්දය ජයග‍්‍රහණය සඳහා ක‍්‍රියාකිරීම යැයි සභානායක සහ රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට අද(4) පැවැසීය.
 
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්දයෙන් ජයග‍්‍රහණය කරන කණ්ඩායමට එළැඹෙන  ජනාධිපතිවරණයේදී පැහැදිලි වාසියක් අත්වනු ඇතැයිද සභානායක  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
 
1993 වසරේදී දකුණු පළාත් සභාව ජයග‍්‍රහණය කළ පොදුජන එක්සත් පෙරමුණ එතැන් සිට ජාතික මැතිවරණ සියල්ලක්ම  ජයග‍්‍රහණය කළ බව පෙන්වා දුන් සභානායක  අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 2014 දී ඌව පළාත් සභාව ජයගත්  එක්සත් ජාතික පෙරමුණ ඉදිරි ජාතික මැතිවරණ සියල්ලක්ම ජයගන්නා බවද කියා සිටියේය.
 
ඉහත පසුබිම අනුව වත්මන් දේශපාලන තලයේ තීරණාත්මක සාධකය වන්නේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්දය ජයග‍්‍රහණය බව පෙන්වා දුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය අමතක කර  ජනාධිපතිවරණයක් අල්ලාගෙන කුළල් කා ගැනීම කිසිදු ප‍්‍රතිඵලයක්  නොදෙන කටයුත්තක් යැයිද කියා සිටියේය.ගමට වැඩියෙන්ම වැඩ කර තිබෙන ආණ්ඩුව ලෙස එක්සත් ජාතික පෙරමුණ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්දය පහසුවෙන්ම  ජයග‍්‍රහණය කරනු ඇතැයිද කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීය.
 
එම ජයග‍්‍රහණය වෙනුවෙන් එක්සත්  ජාතික පෙරමුණේ සියලු දෙනාම එකමුතුව වැඩ කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද  ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (2)

‘ජනපතිවරණයට කුළල් කාගන්නවා වෙනුවට ඇල්පිටිය මැතිවරණය ජයගත යුතුයි’

thushara Wednesday, 04 September 2019 06:06 AM

මමත් ඇල්පිටියේ තමා. ඇල්පිටියේ තියෙන සියලුම ඡන්ද කොට්ටාස වලින් පොහොට්ටුව දිනනවා. වෙන කිසිම පක්ෂයකට එක ආසනයක්වත් දිනාගැනීමට බැහැ.

:       0       0

ඔබලා ඔබලා Wednesday, 04 September 2019 06:29 AM

එක්තරා ජාතක කතාවක කඩල ටිකක් රැගෙන ගසකට නැගි වඳුරෙකුගේ අතපසුවීමක් නිසා එක් කඩල ඇටයත් බිම වැටුනාම සියලුම කඩල ඇට විසිකර බිමට වැටුණු කඩල ඇටය ඇහිදිමට ගිය කතාවක් තියෙනවා.ගමේ වැඩේ ගමේ අය කරාවි. ඔබලා ඔබලාට භාරදුන් වැඩේ කරන්නකෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site