(ජයන්ත සමරකෝන්)
වත්තල ප්‍රාදේශීය සභාවේ නාගරික මන්ත්‍රීවරයකු නිවසට හොරෙන් වතුර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු රුපියල් 5000 ක දඩයක් අද (3) නියම කර ඇත.
මෙහිදී මණ්ඩලයට සිදුකර ඇති අලාභය සම්බන්ධයෙන් රුපියල් 29,366 ක දඩ මුදලක් අයකරගත් බවද කොළඹ අනවසර ජල වැටලීම් අංශය පවසයි.
මණ්ඩලයේ වැටලීම් අංශයට ලැබුණු තොරතුරක් මත වත්තල පොලිසිය සමඟ සිදුකළ මෙම වැටලීමේ දී මෙතෙක් නිත්‍යනුකූල ජල සම්බන්ධතාවයක් පවා මෙම නිවසේ තිබී නැති බවද හෙළි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු කව්ද කියලා කියන්න මොකද ඊලග ඡන්දයේදී සලකන්න ඕන .