(ඩී.කේ.රත්න)
සෙවණගල හබරලූආර ස්ප‍්‍රිල් හන්දියේ ඇළ මාර්ගයක් අසළ තිබී කේ.400 වර්ගයේ ජීව අත්බෝම්බයක් අද (3) සොයා ගෙන ඇතයි සෙවණගල පොලීසිය පවසයි.
ප‍්‍රදේශවාසියෙකු ලබා දුන් තොරතුරක් අනුව සෙවණගල පොලීසිය මෙම ජීව අත්බෝම්බය සොයා ගෙන ඇත.
සෙවණගල පොලීසිය මේ පිළිබඳව උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක‍්‍රීය අංශයේ නිලධාරීන් ගෙන්වා ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් මෙම බෝම්බය නිෂ්ක‍්‍රීය කිරීමට කටයුතු කර තිබේ.
කිසියම් පුද්ගලයෙකු අපරාධයක් සිදු කිරීම සඳහා අත්බෝම්බය රැගෙන එන්නට ඇතයි පොලීසිය සැක කරයි.
සෙවණගල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සෙවණගල ඇළක් අසළ ජීව අත්බෝම්බයක්