(සුමතිපාල දීයගහගේ)
ගාල්ල නගරයේ මංකොල්ලාකෑම් තුනක් ඇතුලු අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු ගිනිඅවියක් සහ ජීව උණ්ඩ තුනක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් බූස්ස කදුරුපේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු බූස්ස කදුරුපෙ පදිංචි පුද්ගලයෙකි.
පසුගිය මාර්තු මස 26 වන දින අලුයම ගාල්ල බෙලිගහ හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්පොලේ මුදල් මංකොල්ලාකෑම, මාර්තු 30 වන දින ගාල්ල පේදුරුවල හන්දියේදී යතුරුපැදියකින් සිගරැට් බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු ළග තිබු මුදල්, සිගරැට් සහ එම යතුරුපැදිය කොල්ලාකෑම සහ ජූලි මස 17 වන දින ගාල්ල පේදුරුවල හන්දියේදී වෙඩි තැබීමක් සිදු කර මුදල් මංකොල්ලාකෑමක ප්‍රධාන සැකකරු මොහු බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මීට අමතරව ගාල්ල හා අවට පොලිස් වසම් කිපයකදී සිදුකරන ලද රන්මාල කොල්ලාකෑම සහ වෙනත් අපරාධවලටද මොහු සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
සැකකරු අද (5 ) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගිනි අවි - ජීව උණ්ඩ සමග අපරාධකරුවෙක් අත්අඩංගුවට