පොහොට්ටුවේ පිරිසකගෙන් එජාපයට එරෙහිව පැමිණිල්ලක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් අද (03) ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා හමුවී පැමිණිල්ලක් කළහ. 03 September 2019
දියකාවා යුද මෙහෙයුම ඇරඹෙයි දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාස මෙහෙයුම 10 වෙන වරට අද (3) පෙරවරුවේ මින්නේරියේ දී ආරම්භ කෙරිණි. 03 September 2019
අරුවක්කාලුවට කසළ ගෙනාවැයි පුත්තලමේ අදත් විරෝධතාවක් කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට කසළ රැගත් ටිපර් රථ ප්‍රවාහන කිරීමට විරෝධය පළ කරමින් අද( 3) අලුයම පුත්තලම නගරයේදී විරෝධතාවක් පැවැත්විණි. 03 September 2019
පුරාවිද්‍යා බිමක නිධන් හෑරූ 6 ක් අත්අඩංගුවට හබරණ රිටිගල රක්ෂිතයේ පිහිටි පුරාවිද්‍යා බිමක නිදන් හාරමින් සිටි පුද්ගලයෝ 06 දෙනෙකු අද(03) අලූයම අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 03 September 2019
මොරටුව දිගරෝල්ල පාලම වෙනුවට ස්ථීර පාලමක් ජනතාව ඉල්ලති මොරටුව දිගරෝල්ල පාලම වසා දැමීම මාස කිහිපයකට පෙර කඩිමුඩියේ සිදු වුවත් එය හැදෙන පාටක් නැති බවත් අබලන් දිගරෝල්ල පාලමත් ඒ වෙනුවට ඉදිකල තාවකාලික පාලමත් වෙනුවට ස්ථීර පාලමක අවශ්‍යතාව මොරටුව ජනතාවට සහ පාලම මතින් දකුණු පළාතට යන ජනතාවට පවතින බව මොරටුව දිගරෝල්ල ප්‍රදේශවාසීහු පැවසූහ. 02 September 2019
තංගුස් දැල් කට්ටල 7 ක් සමඟ ධීවරයින් 12 ක් අත්අඩංගුවට පුත්තලම කළපුවේ තිරික්ක පල්ලම ප්‍රදේශයේ තංගුස් දැල් භාවිතයෙන් මසුන් මරමින් සිටි ධීවරයින් 12 දෙනෙක් ධීවර යාත්‍රා හතක් සමඟ අද (2) පුත්තලම තම්භපණ්නී නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත බාරදී ඇත. 02 September 2019
ඇල්පිටිය ප්‍රා.සභාවට අලුතෙන් නාමයෝජනා කැඳවීමක් කරන්නේ නෑ ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට සභිකයින් තෝරාපත් කර ගැනීම සඳහා අලුතෙන් නාමයෝජනා කැඳවීමක් සිදු නොකර බවත් 2018 වසරේ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා අනුව මැතිවරණය පවත්වන බවත් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසීය. 02 September 2019
විදුලි සැර වැදී අයෙක් මරුට ඇල්ල පියරපන්දෝව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අද (02) හවස විදුලි සැර වැසීමෙන් මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි. 02 September 2019
දේශීය වෛද්‍ය විද්‍යාලයේ සිසුහු උද්ඝෝෂණයක පන්ති තහනම හා නේවාසිකාගාර කප්පාදුව වහාම හකුලාගන්නැයි ඉල්ලමින් දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් සහ පා ගමනක් අද (02) පස්වරුවේ පැවැත්විණි. 02 September 2019
හැටන් වතුයායක වතු නිවාස 8 ක් ගිනිගනී හැටන් දිඹුල රොසිටා වතුයායේ වතු නිවාස පේලියක අද (02) හටගත් ගින්නකින් වතු නිවාස අටක් ගිනිගෙන විනාශ වී ඇති බව දිඹුල පොලිසිය පැවසීය. 02 September 2019
මාල හොරු දෙදෙනෙක් වීරකැටියේදී අත්අඩංගුවට වීරකැටිය පස්මං හන්දිය ආසන්නයේදී කාන්තාවන් දෙදෙනෙකු ගේ රන් මාල කඩා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු වීරකැටිය පොලිසිය විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ. 02 September 2019
තලවකැලේ මාර්ගයක් අසළ ජීව අත්බෝම්බයක් නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ අටේ කණුව බොහිල්ජනපදය ප්‍රදේශයේ තිබී ජීව අත්බොම්බයක් අද (02) හමු වූ බව නාවලපිටිය පොලිසිය කියයි. 02 September 2019
කුරුඳු ගොවීන්ට මිලක් ඉල්ලා විරෝධතාවයක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් දකුණු පළාතේ කුරුඳු ගොවීන්ට සාධාරණ මිලක් ලබාදෙන්නැයි ඉල්ලා විරෝධතාවයක් අද (2) කරන්දෙණියේ දී පැවැත්විණි. 02 September 2019
බස් රථයක් පෙරැළී 11කට තුවාල සූරියවැව තැලවිල්ල ප්‍රදේශයේදි අද (02) වන්දනාවකට ගිය මගීන් පිරිසක් රැගත් බස් රථයක් පෙරළීමෙන් මගීන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව සූරියවැව පොලිසිය කියයි. 02 September 2019
නොවැ. 8 වගඋත්තර බදින්නැයි වනජීවී අධ්යක්ෂ ජනරාල්ට නියෝග වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට අනුරාධපුර මහාධීකරණයේ ගොනු කර ඇති පෙත්සමකට අදාළව ලබන නොවැම්බර් 08 වැනිදා වග උත්තර බදින්නැයි අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් මනෝජ් තල්ගොඩපිටිය මහතා අද(02) නියෝග කළේය. 02 September 2019
මොරටුව මුරවත්ත පැල්පත් නිවාසවල ගින්නක් මොරටුව නගරය ආසන්නයේ මුරවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාසවල මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කියයි. 02 September 2019
නකල්ස් රක්ෂිතයේ වල්ලපට්ටා කැපූ තිදෙනෙක් අත්අඩංගුවට නකල්ස් අධි පරිසර සංවේදී කලාපයේ කාලයක් තිස්සේ වල්ලපට්ට ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් තිදෙනකු රුපියල් ලක්ෂ පහළොවකට පමණ වටිනාකමින් යුත් වල්ලාපට්ට තොගයක් සමඟ නකල්ස් වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 02 September 2019
සොරකමේ ගිය අයියා-මලෝ ළමා නිවාසයකට ගාල්ල නගරයට පැමිණෙන පුද්ගලයින්ගේ දේපළ සොරකම් කිරීමෙහි යෙදුණ බාල වයස්කාර අයිය මලෝ දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 16 වැනි දින දක්වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (02) නියෝග කළේය. 02 September 2019
මොරගහකන්ද රක්ෂිතයෙන් අස්ථි කොටස් හමුවෙයි මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයට අයත් කොන්ගහවෙල හා රජාවෙල පැරණි ගම් සීමාවේ තිබී මිනිස් අස්ථි කොටස් යැයි සැක සිතිය හැකි අස්ථි කොටස් කිහිපයක් අද (02)හමුවූ බව නාඋල පොලිසිය කියයි. 02 September 2019
තංගල්ල සමූපාකාර සාමාන්‍යාධිකාරීට පහරදුන්නැයි විරෝධතාවක් තංගල්ල සමූපාකාර සංගමයේ සාමාන්‍යාධිකාරී කේ. සරත් චන්ද්‍ර මහතාට මැර කණ්ඩායමක් විසින් ඊයේ(01) සවස රන්න ප්‍රදේශයේදී පහර දීමට එරෙහිව තංගල්ල සමූපාකාර සමිතියේ සේවකයෝ විරෝධතාවයක් අද (02) දහවල් රන්න නගරයේදී පැවැත්වූහ. 02 September 2019
රිය අනතුරකින් කාන්තාවක් මරුට හම්බන්තොට - මාතර ප්‍රධාන මාර්ගයේ හුංගම බටඅත කෘෂි උද්‍යානය ඉදිරිපිටදී අද(02) යතුරු පැදි දෙකක් එකිනෙකට ගැටීමෙන් එක් යතුරුපැදියක ගමන්ගත් කාන්තාවක මිය ගිය බව හුංගම පොලීසිය පවසයි. 02 September 2019
පාසල් දරුවන්ට ගංජා විකිණූ බස් හිමිකරු අත්අඩංගුවට ඉතා සුක්ෂම ලෙස ඇගලුම් කම්හල් සේවකයින්ට සහ අවට පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ මැදිරිගිරිය ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයේ හිමිකරු කේරළ ගංජා පැකට් 76ක් සමඟ අද (2) අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි. 02 September 2019
ගජමුතු 02 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට පුත්තලම පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වටිනාකම තක්සේරු කළ නොහැකි ගජමුතු 02 ක් සමඟ පුද්ගලයෙකු අද (01) පුත්තලම මනගුණ්ඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 01 September 2019
රිය අනතුරින් අයෙක් මරුට අක්කරපත්තුව පොතුවිල් ප්‍රධාන මාර්ගයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොතුවිල පොලීසිය පවසයි. 01 September 2019
ඇල්පිටිය ප්‍රා.සභා ඡන්දය කල් දැමීමේ උත්සාහයක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වහා පවත්වන ලෙසට අධිකරණය නියෝගයක් ලබා දී තිබියදී මැතිවරණය කල් දැමීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට (01) පැවැසීය. 01 September 2019
ලක්ෂ 10 දේපල සොරා ගත් තිදෙනෙක් අත්අඩංගුවට නිවෙස් බිඳුම් පහක් සිදුකළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 10 කට ආසන්න සොරා ගත් දේපල සමඟ අද (1) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 01 September 2019
හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හය දෙනෙකු ගාල්ලේදී අත් අඩංගුවට ගෙන තිබේ. 01 September 2019
බෝවතැන්න ජලාශයට සායනික අපද්‍රව්‍ය එක්වෙයි අඹන් ගඟ ඔස්සේ මොරගහකන්ද ජලාශයට ජලය සපයන බෝවතැන්න ජලාශයට මාතලේ නගරයෙන් හා අවට ප්‍රදේශ වලින් සායනික අපද්‍රව්‍ය ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්වන බව බෝවතැන්න ජලාශය අවට ජිවත්වන ජනතාව පවසති. 01 September 2019
නීති විරෝධී කිරුම් මිනුම් කළ වෙළඳුන් 4 කට නඩු මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මඟින් සිදුකළ හදිසි වැටලීමකට අනුව වෙළඳාම් කටයුතුවලදී නීති විරෝධී කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ බදුල්ල හා මීගහකිවුල ප්‍රදේශවල වෙළෙන්ඳන් සිවු දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට එම කාර්යාලයීය නිලධාරීන් පියවර ගෙන තිබේ. 31 August 2019
දෙමෝදර වලස්බැද්ද කන්දේ ගින්නක් ඇල්ල දෙමෝදර වලස්බැද්ද කන්දේ අද (31) පස්වරුවේ හටගත් ගින්නක් මේ වන විටත් පැතිරෙමින් පවතී. 31 August 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025