IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොහොට්ටුවේ පිරිසකගෙන් එජාපයට එරෙහිව පැමිණිල්ලක්

(ඩී.ජී.සුගතපාල) 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් අද (03) ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා හමුවී පැමිණිල්ලක් කළහ.
 
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන මස 11දින පැවැත්වීමට  නියමිතව තිබියදී මැතිවරණ නීති රීති උල්ලංඝණය කරමින් එක්සත් ජාතික පක්ෂය විසින්  ඡන්දදායකයින්ට විවිධ දේවල් බෙදාදෙන බව කියමින් ඔවුහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ. 
 
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය ලත් නියෝජිත නීතීඥ ලලිත් යූ ගමගේ, නීතීඥ නිමල් වලාකුළුආරච්චි සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මොහාන් සිල්වා යන මහත්වරුන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.
 
ඇල්පිටියේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක වත්මන් ආණ්ඩුවේ ඉඩම් ඇමතිවරයා බවද, ඔහු එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් වලහන්දූව වත්තේ ඉඩම් කැබලි ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවද සඳහන් කළ ඔවුහු ඉදිරි සතියේ සමෘද්ධි සහනාධාර ලබාදීමට කටයුතු කර ඇති බවද එය මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීමක් බවද පැවසූහ.
මෙහිදී නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ  මැතිවරණය සඳහා රජයේ දේපල යොදා ගැනීමට ඉඩ නොදෙන අතර මැතිවරණ නීති උල්ලංඝණය කරන අයට විරුද්ධව සියයට සියයක් නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන   බවය.
 
රටේ ව්‍යවස්ථාව අනුව සහ අධිකරණයෙන් ලබාදී ඇති නියෝගය අනුව කටයුතු කරන බවද ඡන්ද මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීම එම මධ්‍යස්ථානයේදීම කර ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන බවද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් චන්ද්‍රලාල් මහතා කියා සිටියේය.
 
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ පහකින් අපේක්ෂකයන් 85දෙනෙකු නාම යෝජනා බාරදී තිබේ.



අදහස් (0)

පොහොට්ටුවේ පිරිසකගෙන් එජාපයට එරෙහිව පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site