(ඩබ් ඒ. පියතිලක)
ඉතා සුක්ෂම ලෙස ඇගලුම් කම්හල් සේවකයින්ට සහ අවට පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ මැදිරිගිරිය ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයේ හිමිකරු කේරළ ගංජා පැකට් 76ක් සමඟ අද (2) අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මැදිරිගිරිය යාය 03 ප්‍රදේශයේ 28 හැවිරිදි විවාහක අයෙකි.
මෙම පුද්ගයාට වෑන් රථයක් සහ බස් රථයක් ඇති බවත් එම රථවාහන දෙක උපයෝගී කර ගනිමින් කලක පටන් ඉතා සුක්ෂම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ.
වෑන් රථයේ සඟවා තිබු ගංජා පැකට් 71ක් සහ තම කලිසම් සාක්කුවේ තිබී ගංජා පැකට් 5 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරක් අනුව පොලිසිය විසින් ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් රැගෙන යන බස් රථයට උපාය දුතයකු යොදවා එම බස් රථයේ හිමිකරුගෙන් ගංජා පැකට් එකක් මුදල් ලබා දී ඉල්ලා තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පාසල් දරුවන්ට ගංජා විකිණූ බස් හිමිකරු අත්අඩංගුවට