(ක.ග. කරුණාරත්න)
දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාස මෙහෙයුම 10 වෙන වරට අද (3) පෙරවරුවේ මින්නේරියේ දී ආරම්භ කෙරිණි.
ඒ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාවේ දියකාවා යුද අභ්‍යාසය බාර අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ලක්සිරි වඩුගේ මහතා සහභාගී විය.
ශ්රී ලංකා යුද, ගුවන්, නාවික හමුදාවල රණ ශුරත්වය, ශක්තිය, උපායශීලිත්වය විදහා දක්වමින් පැවැත්වෙන මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා හමුදා සාමාජිකවරු 1500 කට අධික පිරිසක් එක්ව සිටිති.
ඉන්දියාව,පකිස්ථානය,බංගලාදේශය, රුසියාව, සැම්බියාව, මැලේසියාව, නේපාලය, ඉන්දුනිසියාව, මාලදිවයින ඇතුළු විදේශ රටවල් 10ක පමණ හමුදා නියෝජිතයෝ 81 දෙනෙක් පමණ මෙයට එක්ව සිටින අතර නිලධාරීන් 29 ක් සහ සෙසු නිල 52 ක් ඊට අයත්ය.
ගොඩබිම, ගුවන සහ දියඹ උපයෝගී කර ගනිමින් මේ මස 24 වැනි දා දක්වා පැවැත්වෙන මෙම දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාස මෙහෙයුම ත‍්‍රිකුණාමලය කුච්චිවේලිවෙරල තීරයේ දී නිමාවට පත්වීමට නියමිතය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd