IMG-LOGO

2025 මැයි මස 30 වන සිකුරාදා


තංගල්ල සමූපාකාර සාමාන්‍යාධිකාරීට පහරදුන්නැයි විරෝධතාවක්

(චන්ද්‍ර සේන ගමගේ)
 
තංගල්ල සමූපාකාර සංගමයේ සාමාන්‍යාධිකාරී කේ. සරත් චන්ද්‍ර මහතාට මැර කණ්ඩායමක් විසින් ඊයේ(01) සවස රන්න ප්‍රදේශයේදී පහර දීමට එරෙහිව තංගල්ල සමූපාකාර සමිතියේ සේවකයෝ විරෝධතාවයක් අද (02) දහවල් රන්න නගරයේදී පැවැත්වූහ.
 
රන්න නගරයට ආසන්නව ඇති සමූපාකාර වෙළෙදසැලක් පවත්වා ගෙන යනු ලැබූ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් වූ කතාබහක් අතරතුරදී සාමාන්‍යාධිකාරීවරයාට පිරිසක් පහර දුන් බවත්, පහර දුන් පිරිස විසින් සමූපාකාර ගොඩනැගිල්ල පිහිටි භූමිය අත්පත් කර ගන්නට උත්සාහ කරන බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
 
මෙම සමූපාකාර ගොඩනැගිල්ල සමූපාකාර සමිතියට අහිමි වුවහොත් සමූපාකාර සාමාජිකයින්ට බලවත් අසාධාරණයක් වන බැවින් එය රැක ගැනීම වෙනුවෙන් තමන් මෙම විරෝධතාවයේ යෙදෙන බව සමූපාකාර සේවකයෝ කීහ.
 
සමාන්‍යාධිකාරී වරයාට පහර දුන් පිරිසට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට බල කරමින් මෙම විරෝධතාවය සංවිධානය කළ බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.
 
හුංගම පොලීසිය පවසන්නේ තංගල්ල සමූපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරයාට පහර දුන් බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ අනුව ඊට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු අද(02)  අත් අඩංගුවට ගත් බවත් ඔවුන්ව  අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය පැවසීය.



අදහස් (0)

තංගල්ල සමූපාකාර සාමාන්‍යාධිකාරීට පහරදුන්නැයි විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 108 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 258 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 577 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site