IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මොරගහකන්ද රක්ෂිතයෙන් අස්ථි කොටස් හමුවෙයි

(ඉන්දික අරැණ කුමාර)
 
මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයට අයත් කොන්ගහවෙල හා රජාවෙල පැරණි ගම් සීමාවේ තිබී මිනිස් අස්ථි කොටස් යැයි සැක සිතිය හැකි අස්ථි කොටස් කිහිපයක් අද (02)හමුවූ බව නාඋල පොලිසිය කියයි.
 
ප්‍රදේශවාසියෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව නාඋල පොලිස් නිලධාරීන් විසින් අදාළ ස්ථානය පරීක්ෂා කිරිමේ දී අස්ථි කොටස් තුනක්, කලිසමක් හා කමිසයක් යැයි සැක සිතිය හැකි ඇදුම් කොටස් කිහිපයක් හමුවී තිබේ. එම ස්ථානයට මීටර් 100ක් පමණ දුරින් රියදුරු බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක්ද හමුවි ඇති බව පොලිසිය කියයි.
 
හමුවී ඇති හැඳුනුම්පතේ ‘හේරත් මුදියන්සේලාගේ නාලක සුමේධ බණ්ඩාර හේරත් ‘ ලෙස හා ‘ 1/60, වෙලන්ගොල්ල, කොන්ගහවෙල,නාඋල, මාතලේ ‘ලෙස සටහන් වී තිබේ. 
 
ප්‍රදේශයේ රියදුරෙකු වශයෙන් කටයුතු කර ඇති එම පුද්ගලයා කලක සිට ප්‍රදේශයේ දක්නට නොලැබුනු බව ද ප්‍රදේශවාසීහු කියා සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මොරගහකන්ද රක්ෂිතයෙන් අස්ථි කොටස් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32460 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14955 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9908 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 109 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 393 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site