(උපාලි ආනන්ද)
වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට අනුරාධපුර මහාධීකරණයේ ගොනු කර ඇති පෙත්සමකට අදාළව ලබන නොවැම්බර් 08 වැනිදා වග උත්තර බදින්නැයි අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් මනෝජ් තල්ගොඩපිටිය මහතා අද(02) නියෝග කළේය.
ගැසට් පත‍්‍රයේ සඳහන් නිර්නායක උල්ලංඝණය කරමින් විදුලි වැටක් ඉදිකිරීමෙන් වනජීවි දෙපාර්තමේනත්තුව කුඹුරු වගාවන් රැසකට බරපතල හානි පමුණුවා ඇතැයි චෝදනා කරමින් අනුරාධපුර එක්සත් කෘෂිකර්ම සංසදයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ හේ.බ රත්නායක මහතා ගොනු කර තිබූ පෙත්සමකට අනුව කැඳවූ නඩුවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම නඩුවේ වනගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිනුයේ වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. පී. සූරිය බණ්ඩාර මහතා, නීතිපතිවරයා සහ වනජීවි දෙපාර්තමේන්තුවයි.
පෙත්සම්කාර අනුරාධපුර එක්සත් කෘෂිකර්ම සංසදය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ හේ. බ. රත්නායක මහතා සඳහන් කළේ වන අලින්ගෙන් කුඹුරු වගාවන්ට සිදු වන හානි සහ එල්ල වන තර්ජනවලින් මිදීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවෙන් විදුලි වැටක් ඉදි කළ යුත්තේ ගල්කිරියාගම උදුරුව විරන්දාවටන හා හෝරාපොල යන ගම්මාන යා කිරීමෙන් බවයි.
එහෙත් වනජීවි දෙපාර්තමේන්තුවේ මෙම විදුලි වැට ඉදි කර ඇත්තේ ගල්කිරියාගම උදුරුව දෙඹිවටන විරන්දනාවටන මහවැලි කුඹුරු බණ්ඩාරපොතාන හා හෝරාපොල යන ගම්මාන යා කරමින් බවද අධිකරණයට කියා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රත්නායක මහතා අවිධිමත් ආකාරයෙන් ඉදිකර ඇති ප‍්‍රශ්න ගත මෙම විදුලි වැට නිසා ප‍්‍රදේශයේ කුමුරු වගාවන්ට වන අලින්ගෙන් බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවද ප‍්‍රකාශ කළේය.
වනජීවී දෙපාර්තමේන්තුව මෙම විදුලි වැට ඉදිකර ඇත්තේ විදුලි වැටක් විධිමත් අකාරයෙන් නියමිත බිම් තුළ පමණක් ඉදි කළ යුතු ආකාරය දැක්වෙන අංක 566/5 හා 1989- 07- 11 දිනැති රජයේ ගැසට් පත‍්‍රයේ සඳහන් නිර්නායක මුළුමනින්ම උල්ලංගණය කරමින් බවටද නීතිඥවරයා චෝදනා කළේය.
මෙම ප‍්‍රදේශය වසරේ වැඩි කාලයක් වර්ෂාවෙන් තොර වියළි කාලගුණයක් පවතින බවත් වැව් ජලය උපයෝගී කර ගනිමින් වගාවන් සිදු කර ඇති බවත් දැනට ඉදිකර ඇති විදුලි වැට ආසන්නයේ ගොයම් සහිත විශාල බිම් ප‍්‍රමාණයක් පවතින බවත් අධිකරණයට සැල කළ නීතිඥ රත්නායක මහතා එම කුඹුරු වගාවන්ට වන අලින් පැමිණීම වළක්වාලීමට දැනට ඉදිකර ඇති විදුලි වැට ප‍්‍රමාණවත් නොවන බවද අවධාරණය කළේය.
අවිධිමත් අයුරින් ඉදිකර ඇති මෙම විදුලි වැට මායිම් හේතුවෙන් ගම්මුන් වගා කර ඇති මහවැලි කුඹුරුවලට වන අලින්ගෙන් සිදු වන හානි දිනෙන් දින උස්සන්න වෙමින් පවතින බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.
මෙම පෙත්සම විභාගයට ගෙන අවිධිමත්ව දැනට ඉදිකර ඇති මෙම ප‍්‍රශ්න ගත විදුලි වැට රජයේ ගැසට් පත‍්‍රයේ සඳහන් නියමයන් උල්ලංගන කරමින් ඉදි කර ඇති බවට නිගමනය කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටි නීතිඥ රත්නායක මහතා දැනට ඉදිකර ඇති විදුලි වැට වෙනුවට රජයේ ගැසට් පත‍්‍රය ප‍්‍රකාරව නියමිත ගම් මායිම් හරහා මෙම විදුලි වැට ඉදි කරන ලෙසට වගඋත්තරුවන්ට නියෝග කරන ලෙසත් තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ හේ. බ. රත්නායක මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මාලනී රනේපුර මහත්මිය පෙනී සිටියාය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොවැ. 8 වගඋත්තර බදින්නැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග