(ඉන්දික අරුණ කුමාර)
අඹන් ගඟ ඔස්සේ මොරගහකන්ද ජලාශයට ජලය සපයන බෝවතැන්න ජලාශයට මාතලේ නගරයෙන් හා අවට ප්‍රදේශ වලින් සායනික අපද්‍රව්‍ය ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්වන බව බෝවතැන්න ජලාශය අවට ජිවත්වන ජනතාව පවසති.
වසර ගණනාවක් තිස්සේ බෝවතැන්න ජලාශයට සුදු ගඟ ඔස්සේ සිදුවන කැළි කසළ එක්වීම සම්බන්ධයෙන් වග කිවයුත්තන්ගේ අවධානය මෙතෙක් යොමු වී නොමැති බවට ඔවුහු චෝදනා කරති.
බෝවතැන්න ජලාශය අවට ජිවත්වන අකරහාඩුව, ලිහිණීපිටිය, බෝගස් බොබැල්ල, පේරගහමඩ, මීගොල්ල, නාලන්ද හා හපුගස්යාය ආදී ගම්මානවල දහස් ගණනක් වූ ජනතාව බෝවතැන්න ජලාශයේ ජලය බීමට මෙන්ම සෙසු අවශ්‍යතා සඳහා භාවිතයට ගනිති.
අවස්ථා ගණනාවක දී විවිධ පරිසර සංවිධාන විසින් අවධාරණය කරන ලද බෝවතැන්න ජලාශය අවට පවතින කැළිකසළ ගැටළුව සම්බන්ධයෙන් කිසිදු අවධානයක් වග කිවයුත්තන් යොමු නොකිරීම කනගාටුවට කරුණක් බව ප්‍රදේශවාසීහු කියති.
රෝහල්වලින් ඉවත් කරන ලද බෙහෙත් සිරින්ජ,බෙහෙත් පෙති දැමීමට ගන්නා බෝතල් මෙන්ම බෙහෙත් පෙති වර්ග බෝවතැන්න ජලාශය අවට දැකිය හැකි දසුන් වේ.
ඊට අමතරව මිලියන ගණනක් වූ විවිධ ප්ලාස්ටික් වර්ග ද වසර ගණනාවක් තිස්සේ ගොඩ ගැසී ජලාශය අවට තැන්පත් වී තිබේ.
සායනික අපද්‍රවය ඇතුළු ඝන අපද්‍රව්‍ය මුසුවු ජලය මොරගහකන්ද ජලාශයට මෙන්ම උමං පිටවුම ඔස්සේ ජලය නිකුත්වන සීගිරිය හා දේවහූව ජලාශවලට ද මෙම අපද්‍රව්‍ය මිශ්‍ර ජලය ගමන් කරනු ලබයි.
මෙම ඇල මාර්ග ඔස්සේ බෙදාහරිනු ලබන ජලය භාවිතයට ගන්නා පිරිස ලක්ෂ ගණනකි.
ජලයට මුසුවන විෂ රසායන පවතී ද ඒ තුළින් මිනිස් සිරුරට බලපෑම් ඇතිවේද යන්න පිළිබදව වහාම පරික්ෂා කළ යුතු බව බෝවතැන්න ජලාශය අවට ජිවත්වන ජනතාව බලධාරින්ට අවධාරණය කර සිටිති.



2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝවතැන්න ජලාශයට සායනික අපද්‍රව්‍ය එක්වෙයි