අනතුරකින් 4කට බරපතලයි බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ බෝගහමඩිත්ත 2කණුව ප්‍රදේශයේ දී අද (7)පස්වරුවේ ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයක සහ සංචාරක හෝටලයක් අසල නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර්රථය සංචාරක හෝටලය කඩා ගෙන හෝටලය තුලට කඩා වැදී සිදු වූඅනතුරකින් පුද්ගලයන් 4දෙනෙකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි. 07 September 2019
වන අලියකුගේ පහරින් අයෙක් මරුට අම්පාර උහන පොලිස් වසමේ පදිංචි 75 හැවිරිදි අයෙකු (07) දින වන අලියෙකුගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ බව උහන පොලීසිය පවසයි. 07 September 2019
ගින්නකින් නිවසකට දැඩි හානි නාවලපිටිය පොලිස් වසමට අයත් කැටබුලාව වත්තේ වතුනිවාස පේලියක අද (07) හටගත් ගින්නකින් එක් නිවසක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය. 07 September 2019
අනවසරයෙන් දැව ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට පනාමුර පොලිස් වසමේ පනාමුර ජුල්කැටිය ප්‍රදේශයේ සිට දැව පැටවූ ලොරියක් කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී පනාමුර ප්‍රදේශයේදීම අද (07) අත්අඩංගුවට ගත්බව පනාමුර පොලිසිය පවසයි. 07 September 2019
ලොරි අනතුරකින් 14 කට තුවාලයි. දෙදෙනෙකුට බරපතලයි අද (07) අක්මීමන අන්කොක්කාවල ප්‍රදේශයට ආසන්නව කැන්ටර් වර්ගයට අයත් ලොරිරථයක් හදිසියේම මාර්ගයෙන් ඉවතට ඇදීගොස් කානුවකට පෙරලීම නිසා එම ලොරිරථයේ තට්ටුවේ ගමන්කළ 14 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරඇත. 07 September 2019
ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් 4කට තුවාල ගම්පොල සිට ආගරපතන දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 50 ක ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් 4දෙනෙක් තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය. 07 September 2019
විදුලි රැහැනක පැටලී ගොවියෙකු මරුට ගොඩ බෝග වගාවක් වටා ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක පැටලී දර්ශනපුර ප්‍රදේශයේ ගොවියෙකු අද (07) මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 07 September 2019
ළිඳට වැටුණු අලිපැටවා මුදාගනියි මොරගහකන්ද ජලාශයේ රක්ෂිත ප්‍රදේශයක් වු ඇලගමුව ප්‍රදේශයේ දී කුඩා ළිඳකට වැටී සිටි මාස 5ක පමණ වන අලි පැටවෙකු ඊයේ (06) සවස් කාලයේ දී මුදාගත් බව වනජීවි දෙපාර්තමේන්තුව කියයි. 07 September 2019
සැමියා ඝාතනය කළ බිරිඳ සහ නැන්දණිය අධිකරණය හමුවට නවදගල අටකොහොට කුමාරසිංහ මාවතේදී 35 හැවිරිදි පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මරණකරුගේ බිරිඳ සහ ඇගේ මව අද (7) අධිකරණයට ඉදිරිපත් කරන බව ඇල්පිටිය පොලිසිය පවසයි. 07 September 2019
අභිරහස් ලෙස මියගිය විදේශිකයකුගේ සිරුර හමුවෙයි හබරාදුව පොලිස් වසමේ උනවටුන දෙනියවත්තේ පෞද්ගලික නිවසක ලැඟුම් ගෙන සිටි 67 හැවිරිදි ජර්මන් ජාතික සංචාරකයෙක් අභිරහස් ලෙස මියගොස් සිටියදි ඔහුගේ මෘත ශරීරය සොයාගත් බව හබරාදුව පොලිසිය කියයි. 07 September 2019
ලංගම බස් රථයේ ගැටුණු මවට - දරුවාට බරපතලයි ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අද (06) සවස පාපැදියෙන් ගමන් ගත් මවක් හා දරුවකු ලංගම බස් රථයක ගැටීමේන් බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව ආණමඩුව පොලිසිය පවසයි. 06 September 2019
අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයාගනී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් උඩමුල්ල පරණ වත්ත බූස්ස ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල තිබී අද (06) රාත්‍රී සොයාගත් බව රත්ගම පොලිසිය කියයි. 06 September 2019
තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කරලා ඇල්පිටිය බටුවන්හේන අක්කර තිස්හත ප්‍රදේශයේදී අද (06) තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 06 September 2019
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට වැඩබලන ලේකම්වරයෙක් පුරප්පාඩුවී තිබෙන උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය සඳහා වැඩබලන ලේකම්වරයෙකු උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් අද (06) වැනිදා පත්කරනු ලැබීය. 06 September 2019
ගාල්ලට හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යාලයක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද (06) විවෘත කෙරිණි. 06 September 2019
පුත්තලම සංහිදියා ක්‍රීඩා උළෙලේ දී නගරාධිපති නිලධාරීන්ට බැන වදී පුත්තලම දිස්ත්‍රික් ක්‍රීඩා සංකිර්ණයේ දී අද (6) පැවති සංහිදියා ක්‍රීඩා උළෙලේ දී පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින්ට පුත්තලම නගරාධිපති පහත් ආකාරයෙන් බැන වැදීමෙන් පසු නිළධාරීන් එයට විරෝධය පා ක්‍රීඩා උළෙලින් ඉවත් ගියේය. 06 September 2019
මාමා ඝාතනය කළ බෑනා පෝරකයට තම මාමණ්ඩියට කිරිච්චියකින් 13වරක් ඇන ඝාතනය කළ පුද්ගලයකුට කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා අද (06) මරණ දඬුවම ලබාදීමට නියෝග කළේය. 06 September 2019
රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කනිෂ්ක සේවකයින් ආරම්භ කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වමින් අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ කනිෂ්ක සේවකයෝද අද (06) අසනීප නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටියහ. 06 September 2019
හිටපු මහ ඇමැතිවරයකුට එරෙහිව විරෝධතාවයක් උතුරු නැගෙනහිර හිටපු මහ ඇමැතිවරයකු වන වර්ධරාජා පෙරුමාල් මහතාට එරෙහිව අද (6) වවුනියාවේ දී ජනතාව විරෝධතාවයක් පැවැත්වුහ. 06 September 2019
දික්අරාව රක්ෂිතයේ ගින්නක් බණ්ඩාරවෙල දික්අරාව රක්ෂිතයේ අද (6) අලුයම ඇතිවූ ගින්නකින් අක්කර දහහක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 06 September 2019
වැලි ට්‍රැක්ටරයක් පෙරැළී රියදුරු මරුට මුලතිව් මල්ලාවි පොලිස් වසමේ කල්විලාන් ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් පෙරළී යාමෙන් එහි රියදුරු මිය ගොස් ඇති බවට මල්ලාවි පොලීසිය පවසයි. 06 September 2019
කැස්බෑවකු මස් කරමින් සිටි කතක් අත්අඩංගුවට හලාවත වැල්ල කල්ලුකුලිය ධීවර ගම්මානයේ පදිංචි ධීවර කාන්තාවක කැස්බෑවකු මරා මස් කරමින් සිටියදී අත්අඩංගුවට ගත හැකි වූ බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීහු පැවැසුහ. 06 September 2019
පෙරියමුල්ලේ ගින්නකින් වෙළඳසැල් දෙකක් විනාශයි මීගමුව - හලාවත ප්‍රධාන මාර්ගයේ පෙරියමුල්ල ප්‍රදේශයේදී අද (05) සවස ඇති වූ ගින්නකින් කැබිලි රෙදි අළෙවි කරන වෙළඳසැල් දෙකකට දැඩි අලාභ හානි සිදුව ඇති බව මීගමුව පොලිසිය පවසයි. 05 September 2019
කාන්තාවක දූෂණය කළ දෙදෙනෙකුට සිර දඬුවම් තම පුතු හා සැමියා ගස් බැඳ කාන්තාවක් පැහැර ගෙන ගොස් පහර දී බරපතල ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ දෙදෙනෙකුට වසර 42 සහ 51 ක් වශයෙන් වෙන් වෙන්ව සිර දඬුවම් නියම කිරීමට පුත්තලම හිටපු මහාධිකරණ විනිසුරුවරයා අද (05) නියෝග කළේය. 05 September 2019
කඹුරුපිටියේදී පිහියකින් ඇන තිදරු පියෙකු ඝාතනය කරලා කඹුරුපිටිය බස් නැවතුම්පොලේ දී තිදරු පියෙකුට පිහියකින් ඇණ ඝාතනය කර ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට හා පොලිස් සැරයන්වරයෙකුට තුවාල සිදුකර පලා ගිය බව කියන මාළු වෙළෙන්දෙකු අද (05) රාත්‍රී නීතිඥවරියක මාර්ගයෙන් පොලිසිය වෙත පැමිණ බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලිසිය පවසයි. 05 September 2019
මුදල් වංචා කළ පෙර පාසල් ගුරුවරියක් රිමාන්ඩ් කැලණිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසල් දෙදකට ළමුන් ඇතුළත් කර දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ පෙර පාසල් ගුරුවරියක් 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (05) වැනි දා නියෝග කළේය. 05 September 2019
සුරනිමල - සිඳුරළ ඉන්දියාව බලා පිටත් වෙයි නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර මෙම මස 7 වැනි දින සිට 12 වැනි දින දක්වා පැවැත්වෙන ඉන්දු - ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගි වීම සඳහා නාවික නෞකා ‘සිඳුරළ‘ සහ ‘සුරනිමිල‘ යන නෞකාවන් අද (05) ත්‍රීකුණාමල වරායෙන් ඉන්දියාව බලා පිටත් විය. 05 September 2019
කාන්තාවන් රවටා මුදල් - රන් භාණ්ඩ ලබාගත් අයෙක් රිමාන්ඩ් කාන්තාවන් රවටා වංචාකාරී ලෙස මුදල් සහ රන් භාණ්ඩ ලබා ගත් පුද්ගලයෙකු ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 05 September 2019
ලිඳුල ෆේරම් වත්තේ තේ දලු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් ලිඳුල ෆේරම් තේ වතුයායේ සලංකන්ද කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (05) එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 24 දෙනෙකු ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතළත් කර ඇති බව පොලිසිය කියයි. 05 September 2019
වරාය අන්තර් සේවක සංගමයේ විරෝධතාවක් වරාය අන්තර් සමාගම් සේවක සංගමයේ (SAGT) ශාඛාවේ වැඩ තහනම් කළ වෘත්තීය සමිති නායකයින් 12 දෙනා වහා සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් අද (05) පස්වරුවේ එම සංගමයේ සාමාජිකවරු කොළඹ වරාය ප්‍රධාන පිවිසුම ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණුහ. 05 September 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025