(කවිතා සුබසිංහ)
කැලණිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසල් දෙදකට ළමුන් ඇතුළත් කර දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ පෙර පාසල් ගුරුවරියක් 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (05) වැනි දා නියෝග කළේය.
කැලණිය හා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ රජයේ පාසල් දෙකකට ළමුන් ඇතුළත් කර දෙන බවට පවසමින් දෙමාපියන් රවටා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකාරියට චෝදනා එල්ල වී තිබිණ.
කැලණිය පොලිසිය ට ලද පැමිණිලි මත ඉකුත් (02) වැනි දා අත්අඩංගුවට ගෙන (03) වැනි දා මහර අංක 02 අතිරේක අධිකරණ වෙත ඉදිරිපත් කිරීමේන් පසුව (05) වැනි දා දක්වා රිමාන්ඩ් ගත කිරීම ට නියෝග ලබා දී තිබු අතර අද (05) වැනි දා නැවත නඩුව කැඳවූ අවස්ථාවේ දී හෙට (06) වැනි දා දක්වා නැවත රිමාන්ඩ් ගත කිරීමට නියම කෙරිණ.
සැකකාරියගේ මුදල් වංචාවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවද පොලිසිය අධිකරණයේ දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd