(කවිතා සුබසිංහ)
කැලණිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසල් දෙදකට ළමුන් ඇතුළත් කර දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ පෙර පාසල් ගුරුවරියක් 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (05) වැනි දා නියෝග කළේය.
කැලණිය හා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ රජයේ පාසල් දෙකකට ළමුන් ඇතුළත් කර දෙන බවට පවසමින් දෙමාපියන් රවටා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකාරියට චෝදනා එල්ල වී තිබිණ.
කැලණිය පොලිසිය ට ලද පැමිණිලි මත ඉකුත් (02) වැනි දා අත්අඩංගුවට ගෙන (03) වැනි දා මහර අංක 02 අතිරේක අධිකරණ වෙත ඉදිරිපත් කිරීමේන් පසුව (05) වැනි දා දක්වා රිමාන්ඩ් ගත කිරීම ට නියෝග ලබා දී තිබු අතර අද (05) වැනි දා නැවත නඩුව කැඳවූ අවස්ථාවේ දී හෙට (06) වැනි දා දක්වා නැවත රිමාන්ඩ් ගත කිරීමට නියම කෙරිණ.
සැකකාරියගේ මුදල් වංචාවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවද පොලිසිය අධිකරණයේ දී පැවසීය.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුදල් වංචා කළ පෙර පාසල් ගුරුවරියක් රිමාන්ඩ්