IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ළිඳට වැටුණු අලිපැටවා මුදාගනියි

(නාඋල - ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශයේ රක්ෂිත ප්‍රදේශයක් වු ඇලගමුව ප්‍රදේශයේ දී කුඩා ළිඳකට වැටී සිටි මාස 5ක පමණ වන අලි පැටවෙකු ඊයේ (06) සවස් කාලයේ දී මුදාගත් බව වනජීවි දෙපාර්තමේන්තුව කියයි.

දින තුනක් පමණ ළිදේ වැටි සිටි කුඩා අලිපැටවා ඉන් මුදවා ගැනීමට කෙනර උත්සාහ දරා ඇති බවත්, ප්‍රදේශයේ ගමන් ගත් ගැමීයෙකු විසින් වනජීවියට කල දැනුම්දීමකට අනුව අලි පැටවා මුදවා ගත්බව ඇලහැර වනසත්ව අඩවි ආරක්ෂක රංජිත් කේ විජිත මහතා කියා සිටියේය.

ජලය පිරි ළිඳ පිහිටි අලගමුව ප්‍රදේශයේ ජීවත් වූ පිරිස් භාවිතයට ගත් එකක් බවත් මොරගහකන්ද ජලාශය හේතුවෙන් අවතැන් වූ ඇලගමුව ප්‍රදේශයෙන් පිරිස් වෙනත් ප්‍රදේශවල පදිංචියට යාමත් සමග ඇලගමුව ප්‍රදේශයේ වන අලි නිතර ගැවසෙන බව වනජීවි දෙපාර්තමේන්තුව කියයි.

වනජීවි දෙපාර්තමේන්තුවේ ඇලහැර අඩවි ආරක්ෂක කලාපයේ නිලධාරින් පස්දෙනෙක් මෙහෙයුම සඳහා සහභාගී වූ බවත්, අලි පැටවා ගොඩ ගැනීමෙන් අනතුරුව කෙනෙර විසින් කිරි ලබාදී පැටවා වනයට රැගෙන ගියබවත් රංජිත් කේ. විජිත මහතා කියාසිටියේය.
 



අදහස් (0)

ළිඳට වැටුණු අලිපැටවා මුදාගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32466 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14962 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9911 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site