IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලොරි අනතුරකින් 14 කට තුවාලයි. දෙදෙනෙකුට බරපතලයි


(අමල් වික්‍රමරත්න)

අද (07) අක්මීමන අන්කොක්කාවල ප්‍රදේශයට ආසන්නව කැන්ටර් වර්ගයට අයත් ලොරිරථයක් හදිසියේම මාර්ගයෙන් ඉවතට ඇදීගොස් කානුවකට පෙරලීම නිසා එම ලොරිරථයේ තට්ටුවේ ගමන්කළ 14 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරඇත.

තුවාල ලැබූපිරිස අතර කාන්තාවන් 08ක්, පිරිමින් 04ක් සහ වයස අවුරුදු 03 ක දරුවෙක්ද වේ.

දැනට සියලුදෙනාම හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මොවුන් අතුරෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවත් ඉතිරි සියලු දෙනාගේම අත්පාවලට දැඩිහානිසිදුව ඇතිබවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝගීන් අනතුරට පත්වූ ස්ථානයේ සිට රෝහල් කරා ගෙනයාමට අක්මීමන, කරාපිටිය, මහමෝදර, පෝද්දල සහ ඉමදූව යන ස්ථානවලින් ගිලන්රථ 5ක් කැඳවීමට සිදුවී තිබේ.

ලොරිරියදුරු මේවනවිට සොයාගැනීමට නොහැකිවී ඇති අතර අනතුරට පත් ලොරිය මේ වනවිට අක්මීමන පොලීසිය භාරයට ගෙන ඇත.

සිද්ධිය පිළිබඳව අක්මීමන පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

ලොරි අනතුරකින් 14 කට තුවාලයි. දෙදෙනෙකුට බරපතලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site