IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක

(චන්ද්‍රසේන ගමගේ)
 
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කනිෂ්ක සේවකයින් ආරම්භ කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වමින් අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ කනිෂ්ක සේවකයෝද අද (06) අසනීප නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටියහ.
 
කනිෂ්ක සේවකයින් පවසන්නේ රිදියගම සෆාරි උද්‍යානයේ අද සේවයට වාර්තා කර ඇත්තේ පරිපාලන නිලධාරීන් පමණක් බවයි.
 
තමන්ගේ අනතුරු දීමනාව හා පැමිණීමේ දීමනාව රුපියල් 6,500 න් ඉහළ දමන ලෙසට කරනු ලබන ඉල්ලීමට පාලනාධිකාරිය ඇහුම්කන් නොදීම නිසා තමන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව කනිෂ්ක සේවකයෝ කීහ.
 
සිය දෛනික රාජකාරිවලින් තමන් ඉවත් වුවද සෆාරි උද්‍යානය තුළ සිටින සත්වයින්ට ආහාර ලබාදීම් ආදිය සිදු කරන බවද එම සේවකයෝ පැවසූහ.



අදහස් (0)

රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 216 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site