(ගාමිණී බණ්ඩාර ඉලංගන්තතිලක)
ලිඳුල ෆේරම් තේ වතුයායේ සලංකන්ද කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (05) එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 24 දෙනෙකු ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතළත් කර ඇති බව පොලිසිය කියයි.
තුවාල කරුවන්ගෙන් 04 දෙනෙකුගේ තත්වය තරමක් බරපතල බව ලිඳුල රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
බඹර ප්‍රහාරයට ලක්වී රෝහල් ගතකළ පිරිසෙන් 18 දෙනෙක් නේවාසිකව ප්‍රථිකාර ලබන බවත් අනෙක් පිරිස බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.
තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් 21 ක් සිටින බව ලිඳුල රෝහලේ වෛද්‍යවරු පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd