IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


සුරනිමල - සිඳුරළ ඉන්දියාව බලා පිටත් වෙයි

(ඉන්දිකා රාමනායක)

නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර මෙම මස 7 වැනි දින සිට 12 වැනි දින දක්වා පැවැත්වෙන ඉන්දු - ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගි වීම සඳහා නාවික නෞකා ‘සිඳුරළ‘ සහ ‘සුරනිමිල‘ යන නෞකාවන් අද (05) ත්‍රීකුණාමල වරායෙන් ඉන්දියාව බලා පිටත් විය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි මෙම  අභ්‍යාසය සඳහා නෞකාවන් වරායෙන් පිටත් වූ බව නාවික නාවික හමුදාව පවසයි.

එහිදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති විසින් නෞකාවන්හි අණදෙන නිලධාරීන් වන ‍කපිතාන් නලින් නවරත්න සහ කපිතාන් සංජීව ප්‍රේමරත්න ඇතුළු නැව් මුළුව වෙත සුභ පැතුම් එක් කරන ලදී.

මෙම නෞකාවන් සැප්තැම්බර් මස 07 වැනි දින විශාකාපට්නම් වරාය වෙත ලඟා වීමට නියමිතය.

මෙම ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා ධජ , නිලධාරි නාවික දියත් විධානය  රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ඇතුළුව නිලධාරීන් සහ නාවිකයින් 323 දෙනෙකු සහභාගී වන බව නාවික හමුදාව පවසයි.

මෙම නාවික අභ්‍යාසය මඟින් හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාස ද ඇතුළුව ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාස රැසක් පැවැත්වීමට නියමිතව ඇත.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාස මගින් දෙරටේ නාවික හමුදාවන් අතර අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් එමගින් ඉන්දියානු සාගර කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පිටිවහලක් ඇති බවත් නාවික හමුදාව සඳහන් කරයි.

එම අවස්ථාවට නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහ ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් ද සහභාගී වුහ.

 



අදහස් (0)

සුරනිමල - සිඳුරළ ඉන්දියාව බලා පිටත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32466 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14962 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9911 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site