IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැලි ට්‍රැක්ටරයක් පෙරැළී රියදුරු මරුට

(රොමේෂ් මධුෂංඛ)
 
මුලතිව් මල්ලාවි පොලිස් වසමේ කල්විලාන් ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් පෙරළී යාමෙන් එහි රියදුරු මිය ගොස් ඇති බවට මල්ලාවි පොලීසිය පවසයි.
 
කල්විලාන් ප්‍රදේශයේ පාලියාරු ඔයේ ගොඩදමන ලද වැලි ට්‍රැක්ටරයට පුරවා ඔයෙන් ඉවතට ගැනීමට උත්සාහ ගැනීමේදී වැලි ට්‍රේලරයේ බර වැඩි වීම හේතුවෙන් ට්‍රැක්ටරයේ ඉදිරිපස කොටස රියදුරුත් සමග එසවී පිටුපසට පෙරලී ගොස් ඇත.
 
එහිදී රියදුරු ට්‍රැක්ටරයට යටවී එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.
 
මිය ගොස් ඇත්තේ තුනුක්කායි ප්‍රදේශයේ පදිංචි තම්බිමුත්තු සුරේස්කුමාර් නැමිති තිදරු පියෙකු බවට අනාවරනය වී ඇත.
 
ට්‍රැක්ටරයේ රියදුරුගේ අපරීක්ෂාකාරීබව හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මල්ලාවි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

වැලි ට්‍රැක්ටරයක් පෙරැළී රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site