(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
තම පුතු හා සැමියා ගස් බැඳ කාන්තාවක් පැහැර ගෙන ගොස් පහර දී බරපතල ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ දෙදෙනෙකුට වසර 42 සහ 51 ක් වශයෙන් වෙන් වෙන්ව සිර දඬුවම් නියම කිරීමට පුත්තලම හිටපු මහාධිකරණ විනිසුරුවරයා අද (05) නියෝග කළේය.
මෙසේ සිර දඬුවම් නියම වූයේ පල්ලම පොලිස් වසමේ ආඩිගම පදිංචි ප්‍රදිප් කුමාර නැමැති 36 හැවිරිදි සහ ඇනස්ලි රුක්මන් නැමති 41 හැවිරිදි දෙදෙනෙකුටය.
චූදිතයින් 2009 වසරේ අගොස්තු මාසයේ 31 ආසන්න දිනයේදී නාගවිල ආඩිගම ප්‍රදේශයේ පොල් ඉඩමකට කඩා වැදී සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ ඉඩමේ මුරකුරු ලෙස සේවය කළ සැමියා හා පුතු ගස් බැද මෙම කාන්තාව පැහැර ගෙන ගොස් ඉන් පසුව තුවාල සිදුකරමින් රංචු ගැසි බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාවට චුදිතයින් වරදකරුවන් කිරීමට පුත්තලම මහ අධිකරණ විනිසුරුවරයා සිය තින්දුව මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.
මෙහිදී චුදිතයින්ගෙන් පළමු චුදිත වූ පත්තම් පෙරුමආරච්චිගේ දොන් ප්‍රදිප් කුමාර නැමැත්තාට එක් එක් චෝදනාවන්ට වෙන් වෙන් ලෙස වසර 42 ක් සිර දඩුවම් නියම කර තිබූ අතර එය වෙන් වෙන් ලෙස ගෙවි යන ලෙසට සිර දඬුවම් නියම කර තිබුණි.
ඒ සමග මෙහි දෙවන චුදිත වු හෙට්ටිආරච්චිගේ ඇනස්ලි රුක්මන් නැමති චුදිතයාට නගා තිබු චෝදනා වෙනුවෙන් වසර 51 ක සිර දඬුවම් නියම කර තිබුණි. මෙහිදි චුදිතයාටද වෙන් වෙන් ලෙස ගෙවී යන ලෙස සිර දඬුවම් නියම කළේය.
මෙයට අමතරව සිද්ධියට මුහුද දුන් කාන්තාවට එක් චූදිතයකු විසින් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ගෙවීමටද මහ අධිකරණ විනිසුරු වරයා නියෝග කෙරුණි.
ඒ සමඟම එය නොගෙවන්නේ නම් ඒ සඳහා ද මෙම සිර දඬුවම් අදාළ ලෙස වසර 5ක සිර දඬුවමක් බරපතල වැඩ සහිතව ගෙවී යන ලෙස නියම කර තිබුණි.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාන්තාවක දූෂණය කළ දෙදෙනෙකුට සිර දඬුවම්