(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කඹුරුපිටිය බස් නැවතුම්පොලේ දී තිදරු පියෙකුට පිහියකින් ඇණ ඝාතනය කර ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට හා පොලිස් සැරයන්වරයෙකුට තුවාල සිදුකර පලා ගිය බව කියන මාළු වෙළෙන්දෙකු අද (05) රාත්‍රී නීතිඥවරියක මාර්ගයෙන් පොලිසිය වෙත පැමිණ බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලිසිය පවසයි.
එසේ මරණයට පත්ව තිබුණේ කඹුරුපිටිය වැලිහේන්ගොඩ පදිංචිව සිටි ප්‍රදීප් සුරංග නැමැති 33 හැවිරිදි තිදරු පියෙකි.ඔහු ලීසිං ආයතනයක සීසර්වරයෙකු ලෙස රැකියාව කළ අයෙකි.
පිහියෙන් ඇනීම සිදු කර ඇති සැකකරු ඔහුගේ මිතුරෙකු වී සිට ඇති අතර පසුව සිදු වූ බහින්බස් වීමක් හේතුවෙන් එකිනෙකා අතර ආරවුලක් ඇති වී තිබෙන බව පොලිසිය කියයි.
කඹුරුපිටිය බස් නැවතුම්පොළ ඉහළ මහලේ දී පෙරේදා (04) රාත්‍රීයේ ඔවුන් අතර ගැටුමක් ඇතිවී ඇති බවත් එම අවස්ථාවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙපාර්ශ්වය සමථයකට පත් කර පිටත්කර යැවීමෙන් පසු යලිත් ඔවුන් අතර ගැටුම ඇති වී තිබෙන බව පොලිසිය කියයි.
එහිදී යළිත් පොලිසිය මැදිහත් වී තිබෙන අතර සැකකරු අදාල තිදරු පියාට ලුහු බැද ගොස් පිහියෙන් ඇනීමෙන් පසු ඔහුගේ මිතුරන් දෙදෙනාට හා පොලිස් සැරයන්වරයාට ද එම පිහියෙන් ඇණ පලා ගොස් තිබේ.
තුවාලකරුවන් සිව් දෙනාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය ආදපාන රජයේ රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර අසාධ්‍ය තත්වයේ පසු වූ තිදරු පියා ගාල්ල කරාපිටිය මහ රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු මරණයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා ඉදිරියේ දී පැවැත්විණි.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුර ඥාතීන්ට භාර දී වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලෙස ඒ මහතා පොලිසියට නියෝග කළේය.
මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසිය වෙත භාර වු කඹුරුපිටිය මස්තකයමුල්ල පදිංචි 33 හැවිරිදි සැකකරු හෙට (06) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඹුරුපිටියේදී පිහියකින් ඇන තිදරු පියෙකු ඝාතනය කරලා