IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


කාන්තාවන් රවටා මුදල් - රන් භාණ්ඩ ලබාගත් අයෙක් රිමාන්ඩ්

(ඩී.කේ.රත්න)

කාන්තාවන් රවටා වංචාකාරී ලෙස මුදල් සහ රන් භාණ්ඩ ලබා ගත් පුද්ගලයෙකු ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (05) බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

මෙම පුද්ගලයා බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි එච්.එම්.සමීර කසුන් හේරත්  නැමති අයෙකු බව පොලිසිය කියයි.

මොහු ඇල්ල කුඹල්වෙල ප‍්‍රදේශයේ නිවසකින් හා ඇල්ල හෙළ හල්ලේ ප‍්‍රදේශයේ නිවසකින් කාන්තාවන් පමණක් සිටින අවස්ථාවේදී එම නිවෙස්වලට ගොස් එම කාන්තාවන්ට ආධාර මුදල් ලබාදෙන බව පවසමින් එම නිවෙස්වල තිබූ මුදල් හා රන්භාණ්ඩ රැගෙන ගිය බවට ඇල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

එම පැමිණිල්ලට අනුව එම ප්‍රදේශවල තිබූ සීසීටීවී කැමරා පරීක්ෂාකර මෙම පුද්ගලයා හඳුනාගත් බවත් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඇල්ල පොලිසිය පැවැසීය.



අදහස් (0)

කාන්තාවන් රවටා මුදල් - රන් භාණ්ඩ ලබාගත් අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32466 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14962 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9911 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site