(ඩී.කේ.රත්න)
කාන්තාවන් රවටා වංචාකාරී ලෙස මුදල් සහ රන් භාණ්ඩ ලබා ගත් පුද්ගලයෙකු ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (05) බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.
මෙම පුද්ගලයා බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි එච්.එම්.සමීර කසුන් හේරත් නැමති අයෙකු බව පොලිසිය කියයි.
මොහු ඇල්ල කුඹල්වෙල ප‍්‍රදේශයේ නිවසකින් හා ඇල්ල හෙළ හල්ලේ ප‍්‍රදේශයේ නිවසකින් කාන්තාවන් පමණක් සිටින අවස්ථාවේදී එම නිවෙස්වලට ගොස් එම කාන්තාවන්ට ආධාර මුදල් ලබාදෙන බව පවසමින් එම නිවෙස්වල තිබූ මුදල් හා රන්භාණ්ඩ රැගෙන ගිය බවට ඇල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
එම පැමිණිල්ලට අනුව එම ප්‍රදේශවල තිබූ සීසීටීවී කැමරා පරීක්ෂාකර මෙම පුද්ගලයා හඳුනාගත් බවත් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඇල්ල පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd