(එෆ්.අස්ලම්)
පුරප්පාඩුවී තිබෙන උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය සඳහා වැඩබලන ලේකම්වරයෙකු උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් අද (06) වැනිදා පත්කරනු ලැබීය.
උතුරු පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂණ සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි තිරුවාකරන් මහතා කොළඹට ස්ථාන මාරුකර යැවීමත් සමඟ එම ධූරය පුරප්පාඩු විය.
ඒ අනුව උතුරු පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ව පාලන, වාරිමාර්ග, ධීවර, ජල සම්පාදන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිවේන්ද්‍රන් මහතා අද (6) සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස පත්කර ඇත.
පත්වීම් ලිපිය අද පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ප්‍රදානය කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd