මුහුදු හක්බෙල්ලන් නීතිවිරෝධීව ළඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මුහුදු හක්බෙල්ලන් විශේෂ කිහිපයක් ළඟ තබා ගෙන සිටි හම්බන්තොට බැරක්ක වීදියේ පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් අද (10) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලය කියයි. 10 September 2019
නීග්‍රෝධාරාම මාවත බේස්ලයින් තෙක් වසා දමයි නීග්‍රෝධාරාම මාවතේ සිට බේස්ලයින් දක්වා වූ මාර්ගය ජල නළ ව්‍යාපෘතියක් හේතුවෙන් අද(10) පටන් අනිද්දා (12) දක්වා වසා තැබෙන බව පොලිසිය කියයි. 10 September 2019
පුනපිටියේ වැලි කැණීමකට එරෙහිව විරෝධතාවයක් මුන්දලම පූනපිටිය වම්බිවටුවාන් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක සිදුකරගෙන යන වැලි කැණීමක් හේතුවෙන් පාරිසරික ගැටළු රැසකට මුහුණ දිමට සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීහු අද (10) විරෝධතාවයක නිරත වුහ. 10 September 2019
විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ විරෝධතාවක විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට සමගාමීව අද දිවයින පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ විරෝධතාවල නිරතවූහ. 10 September 2019
මාතර ත්‍රිරෝද රථ රියදුරෝ උද්ඝෝෂණයක මාතර ප්‍රධාන බස් නැවතුම් පොළ අසල ත්‍රිරෝද රථ ගාල ඉවත් නොකරන්නැයි බල කරමින් එහි රියදුරන් පිරිසක් අද (10) පොලීසියට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවුහ. 10 September 2019
ගාලු ගොවි ගැටලුවලට ඇමැතුම් අංකයක් ප්‍රථම වතාවට ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ ගැටලු ඉදිරිපත් කිරිම සඳහා ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇතැයි දකුණු පළාත් කෘෂීකර්ම අධ්යක්ෂ මහේෂ් සුබසිංහ මහතා පවසයි. 10 September 2019
කරාපිටිය රෝහල් කනිෂ්ඨ සේවකයෝ සංකේත වර්ජනයක දිවයින පුරා රජයේ රෝහල්වල කනිෂ්ඨ කාර්යය මණ්ඩලය අද (10) පෙරවරු 8 .00 සිට පවත්වන පැය 4 ක සංකේත වැඩ වර්ජනයට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යය මණ්ඩලය එක්ව සිටියහ. 10 September 2019
මොට ආයුධයකින් පහර දී අයෙක් ඝාතනය කරලා ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ නිවසකදී මොට ආයුධයකින් පහර දී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් අද(10) සොයාගත්බව ගාල්ල පොලිසිය පවසයි. 10 September 2019
ගෝඨාභය සුනේත්රාදේවී පිරිවෙනට ගොස් ආශිර්වාද ලබාගනී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) නුගේගොඩ පැපිලියාන සුනේත්‍රාදේවි විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභය තිස්ස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 09 September 2019
චන්ද්‍රසිරි ගජධීරගේ අවසන් කටයුතු මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති හා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අවසන් කටයුතු අද (09) සවස මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී සිදුකෙරිණි. 09 September 2019
උතුරු මැද උපාධිධාරීන් 569 ට පත්වීම් තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න මිනිසුන්ගේ අධ්‍යාත්මය පහළට යාම නිසා ඔවුන් තමුන් ගැන පමණක් සිතා අනුන් ගැන සිතිම නොසලකා හැර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) දින කැකිරාව මැදි විදුහලේදී පැවසීය. 09 September 2019
බස් රථයට යටවී මියගිය දෙදරු මවගේ දේහය පාරේ තබාගෙන පිරිසක් විරෝධතාවයක බස්රථ අනතුරකින් මරණයට පත් වූ දෙදරු මවකගේ දේහය ඔසවාගෙන පැමිණි පිරිසක් අද (09) සවස පුත්තලම කුරුණෑගල මාර්ගය කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අවහිර කරමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයක නිරත වූහ. 09 September 2019
අගලවත්තේදී පීරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරලා අගලවත්ත වියන්ගල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකදී පීරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි. 09 September 2019
බුලත්සිංහලදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කරලා බුලත්සිංහල පරගොඩ කිතුලගොඩ ප්‍රදේශයේ නිවසකදී අද (09) තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 09 September 2019
බදුල්ල වීර්යපුර කන්දේ ගින්නක් බදුල්ල වීර්යපුර කදුමුදුනක අද (9) දිවා කාලයේ සිට ගින්නක් පැතිර යමින් පවතී. 09 September 2019
රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතාවයක බාහිර හෝ අභ්‍යන්තර භේදයකින් තොරව සියලුම උපාධාරින්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා උතුරු මැද පළාතේ උපාධිධාරින් පිරිසක් අද (09) කැකිරාව මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක නිරත වුහ. 09 September 2019
කිරිඳිවල පාසලකට ගුරුවරයකු ඉල්ලා මව්පියවරු වීදි බසිති කිරිඳිවැල කුට්ටිවිල ප්‍රාථමික විදුහලේ හතරවන වසර පන්තිය සඳහා ගුරුවරයකු ලබාදෙන ලෙස ඉල්ලමින් එම විදුහලේ සිසුන්ගේ මව්පියවරු පිරිසක් දොම්පේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ඉදිරිපියදී අද(09) විරෝධතාවක නිරත වූහ. 09 September 2019
ජල ව්‍යාපෘතියක් නැවැත්වීමට එරෙහිව උද්ඝෝෂණයක් උඩුවෙල ජනඋදාන ගම්මානයට ජලය සැපයීමට හන්තාන ඌරාගල කොටසේ ඉදිකිරීම් ආරම්භ කළ ජල ව්‍යාපෘතිය නැවැත්වවීමට ගත් තීරණයට එරෙහිව ප්‍රදේශවාසින් එක්ව අද (9) උදෑසන සිට ගලහ හන්තාන මහනුවර මාර්ගය වසා උද්ඝෝෂණයක නිරත විය. 09 September 2019
පාසල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට ‘‘ළගම පාසල හොඳම පාසල’’ වැඩසටහන යටතේ ඉදිකරනු ලැබූ පාසල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කහතුඩුව, වෙනිවැල්කොළ ජාතික සම්පත් හා තොරතුරු මධ්‍යස්ථානයේ දී අද (9) පැවැත්විණි. 09 September 2019
අල ගොවියාට රජයෙන් දෙකෝටියක පොල්ලක් දේශීය අර්තාපල් ගොවියා ගෙන් 2018 වසරේදී ආණ්ඩුව මිලදීගත් අර්තාපල් සඳහා රුපියල් දෙකෝටි දාහත්ලක්ෂ විසිදහස් හාරසිය අසුහතක මුදලක් රජය ගොවියාට ගෙවිය යුතුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ ඌවපරණගම ගොවි සංවිධාන එකමුතුව අවධාරණය කරති. 09 September 2019
මුදල් - රන් ආභරණ සොරා ගත් සැකකරු අත්අඩංගුවට මාදම්පේ ඉරට්ටකුලමේ පිහිටි නිවසකින් විදේශ මුදල් හා රන් ආභරණ සොරකම් කර එහි තිබූ බැංකු කාඩ්පතකින් තම බිරිඳට හා දරුවාට ඇඳුම් මිලට ගත් සැකකරුවකු අද (9) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය පවසයි. 09 September 2019
මා ඔයේ ඉවුරු ඛාදනයෙන් පන්නල විහාරස්ථානයක් අනතුරේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඹුඩාව ගංගාරාම විහාරස්ථානයට අයත් භූමිය මාඔයේ ඉවුරු ඛාදනයෙන් පස් කඩාගෙන ගොස් ඇතැයි විහාරස්ථ දායක සභාව සහ ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. 09 September 2019
නකල්ස්හි ආවේණික ඖෂධ කිහිපයක් වඳවීමේ තර්ජනයක් මාතලේ - ලග්ගල පිහිටි නකල්ස් කදු පංතියට පමණක් ආවේණික වූ ඉපැරණි දේශිය ඖෂධ වර්ග තුනක් වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති හෙයින් වහාම සංරක්ෂණයට පියවර ගන්නැයි ලග්ගල පාරම්පරික දේශිය වෛද්‍යවරු රජයෙන් ඉල්ලා සිටිති. 09 September 2019
ඇල්පිටියේ ඡන්ද පැමිණිලි බාරගන්න මෙහෙයුම් මැදිරි දෙකක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා ඇල්පිටිය සහ පිටිගල පොලිස් ස්ථානවල මෙහෙයුම් මැදිරි දෙකක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 09 September 2019
අරුවක්කාලුවට කසළ ගෙන ගිය ටිපර් රථ 2ක් ගැටේ අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ දෙකක් අද(9) අලුයම පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් එක් රථයකට බරපතල හානි සිදුව ඇති බව මුන්දලම පොලිසිය පවසයි. 09 September 2019
මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව මහවැලි එච් කලාපයට මැදිරිගිරිය මහවැලි ක්‍රීඩාංගනයේදී අද (08) නිමාවට පත්වූ 31 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව මහවැලි එච් කලාපයට හිමිවූ අතර අනු ශූරතාව දිනා ගන්නා ලද්දේ මහවැලි සී කලාපය විසිනි. 08 September 2019
අක්මීමන විවිධ සේවා සමුපාකාර සමිතියේ පාලන බලය එජාපයට අක්මීමන විවිධ සේවා සමුපාකාර සමිතියේ පාලන බලය එජාප කණ්ඩායම විසින් හිමිකරගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. 08 September 2019
හමුදා සෙබළු දෙදෙනෙක් දියේ ගිලුණු තිදෙනෙකු බේරාගනිති කිලිනොච්චිය, පුනරීන්, අරසපුරකුලම් වැවේ දිය නෑමට ගොස් රොන් මඩ සහිත දිය වළක එරී දියේ ගිලෙමින් සිටි කාන්තාවක හා ඇගේ දරුවන් දෙදෙනා බේරාගැනීමට කිලිනොච්චිය යුද හමුදා සෙබළු දෙදෙනක් සමත්වූහ. 08 September 2019
නාවුල කම්මල්කරුවෝ නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව සුසුම්ලති මාතලේ දිස්ත්‍රික්කයේ පැරණිතම කම්මල් ගම්මානය වන බෝවතැන්න වත්ත ගම්මල් ගම්මානයේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දී දුෂ්කරතා රැසක් මතුව ඇතැයි කම්හල්කරුවෝ පවසති. 08 September 2019
ලක්ෂ 30 ක දේපල සොරා ගත් සහෝදරයෝ දෙදෙනෙක් අත්අඩංගුවට පොලිස් වසම් 6 ක සොරකම් 10 ක් සිදුකර රුපියල් ලක්ෂ 30 ක ආසන්න දේපල සොරා ගත් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අද (8) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 08 September 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025