(ජේ.කේ.එල් චාමින්ද)
අක්මීමන විවිධ සේවා සමුපාකාර සමිතියේ පාලන බලය එජාප කණ්ඩායම විසින් හිමිකරගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින් 07 දෙනෙකු තොරා ගැනීම සඳහා අක්මීමන විවිධ සේවා සමුපාකාර සමිතියේ මහ සභා රැස්වීම අද (08) වළහන්දූවේ පිහිටි අක්මීමන විවිධ සේවා සමුපාකාර සමිති ශාලාවේ දී පැවැත්විණි.
සමුපාකාර සංවර්ධන උප කොමසාරිස් අඹහගදුවගේ පර්ලි මහත්මියගේ අධීක්ෂණය යටතේ ඡන්ද විමසීම පැවැත්විණි.
එහිදී එජාප කණ්ඩායම විසින් අධ්‍යක්ෂක ධූර සඳහා සාමාජිකයින් 10 දෙනෙකු තරග කළ අතර විපක්ෂයෙන්ද අධ්‍යක්ෂක ධූර සඳහා10 දෙනෙකු තරග කරණු ලැබීය.
ඡන්ද විමසීමේ දී එජාප කණ්ඩායම විසින් අධ්‍යක්ෂක ධූර 07 න් 05 ක් තුසිත් ඔඹරැන්ද ලියනගේ මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ කණ්ඩායම හිමිකරගෙන ජයග්‍රහණය කළ බව හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හිතවත් කණ්ඩායමට වයස අවුරුදු 18 හා 35 වයස් කාණ්ඩය යටතේ අධ්‍යක්ෂක ධූර දෙකක් නිතරගයෙන් හිමිවී ඇත.
ඉදිරි දින කිහිපය තුළ අක්මීමන විවිධ සේවා සමුපාකාර සමිතියේ සභාපති ධූරය සඳහා තේරිපත්ව ඇති අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් අතුරින් අයෙකු පත්කර ගැනීමට නියමිතව තිබේ.
ඡන්දය භාවිතා කිරීම සඳහා මහසභා නියෝජිතයින් 96 දෙනෙකු සුදුසුකම් ලැබ තිබුණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අක්මීමන විවිධ සේවා සමුපාකාර සමිතියේ පාලන බලය එජාපයට