IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


බුලත්සිංහලදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බුලත්සිංහල පරගොඩ කිතුලගොඩ ප්‍රදේශයේ නිවසකදී අද (09) තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කෝට්ටේගොඩ විද්‍යාලයේ ලාල් හෙවත් කුඩු ලාල් නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ගෙල පෙදෙසින් ලේ වැගිරෙණ තුවාල සහිතව ඇද ඇතිරිල්ලක් ඒ මත ඔතාගෙන නිවසේ සිට මීටර් 200 ක් පමණ දුරින් පිහිටි ප්‍රධාන මාර්ගයට පැමිණ ඇතැයි පොලිසිය කියයි.

පසුව මෙම පුද්ගලයා මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් නවතා බුලත්සිංහල රෝහලට ගොස් ඇති අතර සුලු වේලාවකට පසු මොහු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පුද්ගලයා ඔහුගේ වැඩිමහල් සහෝදරයා සමඟ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු සමඟ ආරවුලක් ඇති කරගෙන ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවැසීය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආරවුලක් ඇතිකරගත් පුද්ගලයා සමඟ මොහු අවමංගල්‍ය නිවසකට ගොස් නිවසට පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (0)

බුලත්සිංහලදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32469 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14969 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9915 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site