දුම්රියේ ගැටී පුද්ගලයෙක් මියයයි බෙලිඅත්තේ සිට මරදාන බලා ගමන් ගත් දුම්රියේ අද (15) සවස පුද්ගලයෙකු ගැටී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි. 15 September 2019
බෝංචි වගාවක ගංජා වගා කළ අයෙක් අත්අඩංගුවට උඩුපුස්සැල්ලාව ගල්කඩපතන ගම්මානයේ බෝංචි කොටුවක් මැද ගංජා වගාවක් කළ 40 හැවිරිදි පුද්ගලයෙකු අද (15) අත්අඩංගුවට ගත් බව උඩුපුස්සැල්ලාව පොලිසිය කීය. 15 September 2019
උපකාරක පන්ති ගුරුවරයෙකුට එරෙහිව ගොඩගමදී විරෝධතාවයක් හෝමාගම ගොඩගම ප්‍රදේශයේ උපකාරක පන්තියක් තුළදී සිසුවියන් අපයෝජනයට ලක් කළ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා මව්පියවරු පිරිසක් අද (15) සවස ගොඩගම නගරයේදී විරෝධතාවයක නිරතවූහ. 15 September 2019
වතුර මෝටර් සොරකමේ ගිය 3 ක් අත්අඩංගුවට නිවාස කිහිපයකින් වතුර මෝටර් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු සහ ඒවා ප්‍රවාහනය කිරීමට අනුබල දුන් ත්‍රීරෝද රථ රියදුරෙකු මිරිස්වත්ත ප්‍රදේශයේ දී අද (15) සවස අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය නිලධාරීහු ප්‍රකාශ කළහ. 15 September 2019
ගිනි අවි 2 ක් - උන්ඩ 18 ක් සමඟ පොලිස් නිලධාරීන් 2 ක් අත්අඩංගුවට වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පොතෙහි සටහන් යොදා වැලිකන්ද පොලිසියෙන් බැහැරව ගිය පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු පිස්තොල දෙකක්, උණ්ඩ 18 ක් සහ මෝටර් රථයක් සමඟ අද (15) සවස අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 15 September 2019
අඹු දරුවන්ට වද හිංසා කළ ළමා සංවර්ධන නිලධාරියා රිමාන්ඩ් තම බිරිඳට සහ දරුවන්ට පහරදී විවිධ වද හිංසා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ළමා සංවර්ධන නිලධාරීවරයෙකු මේ මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාෂ් මහත්මිය නියෝග කළාය. 15 September 2019
සමෘද්ධි සංවර්ධන නිලධාරියාට ඇප කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවරයක් සිදුකිරීමට තැත්කළ බව කියන සමෘද්ධි සංවර්ධන නිලධාරි’ වරයකු හිඟුරක්ගොඩ පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් සහ රුපියල් 5000 මුදල් ඇප මත මුදාහරින ලෙස හිඟුරක්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.ඒ.නාලක බණ්ඩාර මහතා අද(15) නියෝග කළේය. 15 September 2019
ගාල්ලේ ඉහළගොඩ මුල්ගල් තැබීමකට විරෝධයක් ගාල්ල, ඉහළගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ නිල සෙවණ කාර්යාලය සෑදීම සඳහා වන මුල්ගල්, ඉහළගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසම තුළ තැබීමට විරෝධය දක්වමින් චීන මිත්‍රත්ව ගම්මානයේ ගම්මු පිරිසක් අද(15) විරෝධතාවයේ නිරතවූහ. 15 September 2019
ඩයිනමයිට් යොදා මසුන් මරන්න ගිය අයෙක් අත්අඩංගුවට පුපුරණ ද්‍රව්‍ය යොදා මුහුදේ මසුන් මැරීමට සූදානම් වූ පුද්ගලයෙකු ඩයිනමයිට් සමග අද(15) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය් දූෂණ මර්දන අංශය පවසයි. 15 September 2019
මහ වැස්සෙන් හම්බන්තොටට පීඩා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග හා පහත්බිම් රැසක් වැසි ජලයෙන් යටවී ඇති බව හම්බන්තොට අපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ නලින් බෙන්තර ආරච්චි මහතා පැවසීය. 15 September 2019
‘තිලීපන්‘ සමරා යාපනයේ උත්සවයක් යාපනය නල්ලූර් කොවිල අසළ මාරාන්තික උපවාසයක නිරතව සිටියදී මිය ගිය තිලීපන් නැමැත්තාගේ 32 වැනි අනුස්මරණ වැඩසටහන යාපනය නල්ලූර්හිදි අද පැවැත්විණි. 15 September 2019
‘පොඩි ලැසීගේ’ ගෝලයකු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට තිස්සමහාරාම කොහොඹගහපැලැස්සේ සිට මහා පරිමාණ ලෙස හෙරොයින් ජාවාරමක් මෙහෙයවූ අපරාධ රැසකට බන්ධනාගාර ගතව සිටින ‘පොඩි ලැසීගේ’ ගෝලයකු ඇතුළු සිව් දෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 15 September 2019
අත්බෝම්බ - දැලි පිහියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ආරක්ෂක අංශ පරිහරණය කරන අත්බෝම්බ දෙකක් හා දැලි පිහියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (15) මොරන්තුඩුව ආරියගමදී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 15 September 2019
මූන්දලමේ බස් රථ අනතුරකින් 20 ක් රෝහලේ මූන්දලම සෙම්බැට්ට ප්‍රදේශයේ දී ඊයේ(14) රාත්‍රියේ සිදුවු බස් රථ අනතුරකින් විසි දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් සිව්දෙනෙකුගේ තත්වය බරපතල බවත් මූන්දලම පොලිසිය පවසයි. 15 September 2019
පිහි ඇනුමකින් ත්‍රිරෝද රථ රියදුරෙක් මරුට අද (14) සවස තලාතුඔය පොලිස් වසමේ මයිලපිටියේ ගල්ලිද ත්‍රිරෝද රථ ගාලේදී ත්‍රිරෝද රථ රියදුරෙකු පිහියෙන් කොටා ඝාතනය කර ඇත. 14 September 2019
පාරිභෝගික පනත උල්ලංඝනය කළ රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරිකයාට නඩු පාරිභෝගික කටයුතු පිළිබඳ පනතේ විධිවිධාන උල්ලංඝණය කරමින් ආනයනකරු හෝ මෙරට තුළ බෙදාහරින්නන් පිළිබඳව තොරතුරු සටහන් නොවූ ඇසුරුම් සහිත රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීම හා අලෙවිය පිණිස ප්‍රදර්ශනය කිරීම සිදුකළ බදුල්ල නගරයේ වෙළෙන්දෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ. 14 September 2019
වැලි ජාවාරමේ යෙදුණු 4ක් අත්අඩංගුවට සෝමාවතිය ජාතික උද්‍යානයේ පෙරියාරු ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දමා ප්‍රවාහනයට සූදානම් කර තිබූ ට්‍රැක්ටර් රථ 2ක් සමග පුද්ගලයින් 4 දෙනෙකු (14) අද කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. 14 September 2019
අධිවේගී මාර්ගයේ අනතුරින් අයෙක් ජීවිතක්ෂයට දැනට ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූරියවැව-අන්දරවැව කොටසේ කොන්ක්‍රීට් කුට්ටි යොදා මාර්ගය වසා ඇති ස්ථානයක අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ගැටීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී දෙදෙනෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කොට ඇත. 14 September 2019
ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑ 3 ක් වසරකට පසු අත්අඩංගුවට හොරගොල්ල වලව්වට අයත් හොරගොල්ල ඉන්ධන පිරවුම්හලට කඩා වැදී ලක්ෂ පහකට ආසන්න මුදල් සොරාගත් සිද්ධියේ සැකකරුවන් තිදෙනා සිද්ධියෙන් වසර එකහමාරකට පසුව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අද (13) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 September 2019
දඩ මස් කිලෝ 110 ක් සමඟ අයෙක් අත්අඩංගුවට හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවසක් තුළ දඩ මස් අලෙවියේ නිරතව සිටි සැකකරුවෙකු දඩ මස් කිලෝ 110 ක් ද සමඟ අද (13) දින සවස සැකපිට අත්අඩංගුවට ගත් බව වලාන දුෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසයි. 13 September 2019
අඩු ආදායම් ලාභීන් 3300 කට නිවාස පහසුකම් අඩු ආදායම් ලාභී පවුල් 3300ක් වෙත නිවාස පිරිනැමීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි. 13 September 2019
පොතුවිල යතුරු පැදි අනතුරකින් අයෙක් මරුට පොතුවිල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ 312 කිලෝමීටර් කණුව අසලදී අද (13) සවස යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් එහි ගමන්කළ අයෙකු මියගොස් ඇති අතර පැදිකරු බරපතල තුවාල ලබා පොතුවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොතුවිල පොලිසිය පවසයි. 13 September 2019
මෝටර් රථයක කන්නාඩියක් ගලවමින් සිටි අයෙක් පොලිස් දැලේ වැලිකඩ බන්ධනාගාරය අසල නවතා තිබූ මෝටර් රථයක පැති කන්නාඩි ගලවමින් සිටි පුද්ගලයකු අද (13) පස්වරුවේ එම මොහොතේදීම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 September 2019
ව්‍යාජ මැණික් ගල් 05ක් සමඟ 3 ක් අත්අඩංගුවට නිධානයකින් ගත් බව පවසා ව්‍යාජ මැණික් ගල් 05ක් රුපියල් ලක්ෂ 45 කට අලෙවි කිරීමට සූදානම් කර තිබියදි වැලිකන්ද,නාමල්ගම ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙක් අද (13) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 September 2019
මත්පෙති සමඟ අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා-තරුණිය රිමාන්ඩ් සාදවලට මත්පෙති බෙදා හරින තරුණයින් තිදෙනෙකු සහ තරුණියක් මත් පෙති 120ක්ද සමග මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 26වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියෝග කළේය. 13 September 2019
සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ශාන්ත බණ්ඩාරගේ නම එක්සත් ජානතා නිදහස් සන්ධානයේ පුරප්පාඩුව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ. 12 September 2019
බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැයක් ප්‍රමාදයි බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද (12) සවස 5.55 ට ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය නියාමකවරුන්ගේ ගැටලුවක් හේතුවෙන් පැයකට අධික කාලයක් පමාවීමත් සමඟ මගීහු දැඩි නොසන්සුන්තාවකට පත්වූහ. 12 September 2019
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පස්වන සංවත්සරය මිහින්තලේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පස්වන සංවත්සර සැමරුම වෙනුවෙන් ආචාර පෙළපාලියක් සහ පුෂ්පෝපාහාර පිදීමේ උත්සවයක් අද (12) සවස මිහින්තලේ සිවිල් ආරක්ෂක රණවිරු ස්මාරකය අබියස දී පැවැතිවිණි. 12 September 2019
දිඹුලාගල මහවැලි නිලධාරීන්ට එරෙහිව පිරිසක් විරෝධතාවයක මනම්පිටිය ‘ශූභාරංචි සේවා මධ්‍යස්ථානයේ‘ පියතුමාට දිඹුලාගල මහවැලි නිලධාරීන් පිරිසක් පහරදී පියතුමා විසින් සිටවූ කුඹුක් පැළ ගලවා ඒවාට හානි කළැයි පවසා එම සේවා මධ්‍යස්ථානයේ සිසුහු සහ ඔවුන්ගේ මව්පියවරු පිරිසක් අද (12) සවස විරෝධතාවයක නිරත වූහ. 12 September 2019
ත්‍රිරෝද රථවලින් මුදල් සොරාගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට නවතා තිබූ ත්‍රිරෝද රථවලින් මුදල් ඇතුළු දේපළ සොරාගත් අඹුසැමි යුවළත් මීගහතැන්න වල්ලෑවිටදී අද(12) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි. 12 September 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025