(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
උඩුපුස්සැල්ලාව ගල්කඩපතන ගම්මානයේ බෝංචි කොටුවක් මැද ගංජා වගාවක් කළ 40 හැවිරිදි පුද්ගලයෙකු අද (15) අත්අඩංගුවට ගත් බව උඩුපුස්සැල්ලාව පොලිසිය කීය.
සැකකරු බෝංචි වගාව මැද අඩි දෙකක් පමණ උස ගංජා පැල 10 ක් පමණ වගාකර තිබූ බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (16) වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුර්වේද බෙහෙත්වලටත් ගංජා ගන්නවා. එත් වවන්න දෙන්නේ නැහැ. නීති යටතේ වගා කෙරුවොත් මේ වගාවන් සල්ලි උල්පත් කරන්න පුළුවන් නේද? වේදනා නාශක හදන්න ගංජා පාවිච්චි කරනවා නේද? අපි ඔක්කොම ඉම්පෝර්ට් න්‍යායේ ඉන්නේ. මතට තිත. එහෙත් ඊතයිල් ඇල්කොහොල් පිටරටින් ගෙනෙනවා. මෙහෙ පොල් වතුරින් හදන්න හදනකොට මතට තිත කියල තහනම් කරනවා. දවසකට පොල් වතුර කොච්චර විසිකරනවද පොල් මෝල් වලින්?