(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මූන්දලම සෙම්බැට්ට ප්‍රදේශයේ දී ඊයේ(14) රාත්‍රියේ සිදුවු බස් රථ අනතුරකින් විසි දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් සිව්දෙනෙකුගේ තත්වය බරපතල බවත් මූන්දලම පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ ගම්පහ සිට තලවිල දේවස්ථානය වෙත ගමන්ගත් බස් රථයක බැතිමතුන් පිරිසකි.
තුවාල ලැබූ පිරිස ගම්පහ , වැලිවේරිය , දිවුලපිටිය , මිනුවන්ගොඩ, නාත්තන්ඩිය , වලහපිටිය පදිංචිකරුවන් පිරිසක් බවද ඔවුන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය කියයි.
මෙම බස් රථය ගම්පහ දක්වා පිටත්ව යමින් සිටියදී අනතුර සිදුව ඇති බව කියයි .
බස් රථය සෙබ්බැට්ට ප්‍රදේශයේදී යතුරු පැදියක් ඉස්සර කිරීමට යාමේදී හලාවත දෙසින් පැමිනි ත්‍රිරෝද රථයක් බස් රථයේ ගැටීමට ගොස් ඇත. එය වැලැක්වීමට යාමේදී ත්‍රි රෝද රථයද අනතුරට ලක්කරමින් බස් රථය පෙරළී ඇතැයි මුන්දලම පොලිසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ සිව් දෙනෙකුගෙන් 15 හැවිරිදි පිරිමි දරුවෙකු පුත්තලම මූලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.



2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මූන්දලමේ බස් රථ අනතුරකින් 20 ක් රෝහලේ