(විජේරත්න රත්නායක)
පාරිභෝගික කටයුතු පිළිබඳ පනතේ විධිවිධාන උල්ලංඝණය කරමින් ආනයනකරු හෝ මෙරට තුළ බෙදාහරින්නන් පිළිබඳව තොරතුරු සටහන් නොවූ ඇසුරුම් සහිත රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීම හා අලෙවිය පිණිස ප්‍රදර්ශනය කිරීම සිදුකළ බදුල්ල නගරයේ වෙළෙන්දෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.
බදුල්ල පහළ වීදියේ පිහිටි සුවඳ විලවුන් හා රූපලාවන්‍ය නිෂ්පාදන වෙළෙඳසැළක හිමිකරු හට මෙසේ නඩු පැවරීමට පියවර ගෙන ඇති අතර එම වෙළඳසැලේ තිබූ රුපියල් ලක්ෂ 2 කට ආසන්න වටිනාකමකින් යුතු හා අදාළ වරදට යටත්වූ ක්‍රීම් වර්ග, ශරීර ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිපැයුම් තොගයක්ද අදාළ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධානී අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීහු අදාළ වැටලීම සිදුකළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd