(විජේරත්න රත්නායක)
පාරිභෝගික කටයුතු පිළිබඳ පනතේ විධිවිධාන උල්ලංඝණය කරමින් ආනයනකරු හෝ මෙරට තුළ බෙදාහරින්නන් පිළිබඳව තොරතුරු සටහන් නොවූ ඇසුරුම් සහිත රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීම හා අලෙවිය පිණිස ප්‍රදර්ශනය කිරීම සිදුකළ බදුල්ල නගරයේ වෙළෙන්දෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.
බදුල්ල පහළ වීදියේ පිහිටි සුවඳ විලවුන් හා රූපලාවන්‍ය නිෂ්පාදන වෙළෙඳසැළක හිමිකරු හට මෙසේ නඩු පැවරීමට පියවර ගෙන ඇති අතර එම වෙළඳසැලේ තිබූ රුපියල් ලක්ෂ 2 කට ආසන්න වටිනාකමකින් යුතු හා අදාළ වරදට යටත්වූ ක්‍රීම් වර්ග, ශරීර ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිපැයුම් තොගයක්ද අදාළ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධානී අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීහු අදාළ වැටලීම සිදුකළහ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාරිභෝගික පනත උල්ලංඝනය කළ රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරිකයාට නඩු