(ක.ග.කරුණාරත්න)
නිධානයකින් ගත් බව පවසා ව්‍යාජ මැණික් ගල් 05ක් රුපියල් ලක්‍ෂ 45 කට අලෙවි කිරීමට සූදානම් කර තිබියදි වැලිකන්ද,නාමල්ගම ප‍්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙක් අද (13) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලොන්නරුව කොට්ඨාස දිසා දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරක් මත එහි පොලිස් කණ්ඩාමක් විසින් මේ වැටලීම සිදුකර ඇත.
මැණික් ගල් මිළදී ගන්නා ව්‍යාපාරිකයෙක් ලෙස උපාය දූතයෙක් යොදවා මේ වැටලීම කළ බවද පොලිසිය සඳහන් කළේය.
පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් ගෙන් දෙදෙනෙක් වැලිකන්ද ප‍්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර අනෙක් සැකකරු දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු බව අනාවරණයවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd