(ඩබ්ලිව්.ඒ. අසේල)
අද (14) සවස තලාතුඔය පොලිස් වසමේ මයිලපිටියේ ගල්ලිද ත්‍රිරෝද රථ ගාලේදී ත්‍රිරෝද රථ රියදුරෙකු පිහියෙන් කොටා ඝාතනය කර ඇත.
මියගිය පුද්ගලයා හා පිහි පහර එල්ල කල අය එම ප්‍රදේශයේම කාන්තාවක සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් කළ විහිළුවක් දුරදිග යාමෙන් ඇතිවූ ආරාවුලක් මෙම ඝාතනයට හේතුවී ඇත.
රණ්ඩුව අතරතුර අසළ ඇති එළවළු කඩයකට දිව ගිය සැකකරු එහි තබූ පිහියක් ගෙන මෙම ත්‍රි රෝද රථ රියදුරුට කොටා ඇත.
පසුව අසල සිටි පුද්ගලයින් විසින් ඔහුව මාරස්සන රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇත. පිහි පහරින් ඇතිවූ දරුණු කැපුම් තුවාල හේතුවෙන් ඔහු මිය යන්නට හේතුවී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ එම ත්‍රී රෝද රථගාලේ ත්‍රි රෝද රථ රියදුරෙකු වූ ගල්ලිඳ පදිංචි වයස අවුරුදු 38ක් වන කේ.ජී. වීරසූරිය නැමති විවාහක පුද්ගලයෙකි.
පිහි පහර එල්ල කළ සැකකරු වන එච්.එම්. ප්‍රියන්ත කුමාර හා ඔහුගේ මිතුරෙකු වන මයිලපිටිය අපොන්සුවත්තේ පදිංචි නලින් මංජුල නැමති අයද තලාතුඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හෙට දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේදී හෙට (15) දින පැවැත්වීමට නියමිතය.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේකොන් මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලැබේ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පිහි ඇනුමකින් ත්‍රිරෝද රථ රියදුරෙක් මරුට