IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දඩ මස් කිලෝ 110 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

(කේ. බුද්ධික කුමාරසිරි)

හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ නිවසක් තුළ දඩ මස් අලෙවියේ නිරතව සිටි සැකකරුවෙකු දඩ මස් කිලෝ 110 ක් ද සමඟ අද (13) දින සවස සැකපිට අත්අඩංගුවට ගත් බව වලාන දුෂණ මර්දන ප‍්‍රහාරක බලකාය පවසයි.

එම නිවසෙහි පොහෝ දින දඩමස් විකුණන බවට වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක බලකායෙහි බුද්ධි නිලධාරියෙකුට ලද තොරතුරක් මත දඩමස් මිලදී ගැනීම සඳහා උපාය දුතයෙකු යොදවා උපාය දූතයා වෙත දඩමස් විකුණන අවස්ථාවේදී එම නිවසේ හිමිකරු වන සැකකරු සහ කාමරයක අධි ශීතකරණ දෙකක සඟවා තිබූ දඩමස් තොගය  ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ ශීත කළ මස් විකිණීම සඳහා හෝමාගම ප‍්‍රාදේශීය සභාවෙන් ලබා ගත් බලපත‍්‍රයක් තිබුණද සැකකරු සන්තකයේ වල් ඌරු මස්, ඉත්තෑ මස්, මුව මස්, ගෝණ මස් ආදී විවිධ මස් වර්ග තිබූ බවද එම බලකායේ නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව අදාළ මස් තොගය සහ අධි ශීතකරණ දෙකක් කිරුම් තරාදියක් ද සැකකරු සමඟ අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානය වෙත බාර දීමට කටයුතු කළ බවත් සැකකරු හෙට (14) දින හෝමාගම මහේස්ත‍්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවදත් එම බලකාය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

දඩ මස් කිලෝ 110 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site