ටොනාඩෝවෙන් පන්නල වසම් 4කට බර හානි
පන්නල නගරයට බලපෑ ටොනාඩෝ තත්වය හේතුවෙන් පන්නල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්රාම සේවා වසම් 4ක නිවාස 50ක්, ව්යාපාරික ස්ථාන 65ක්, රථවාහන 5ක්, පන්නල රෝහල, සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයකට අලාභ හානි සිදුව ඇතැයි පන්නල ප්රාදේශීය ලේකම් සමන්ත වික්රමරත්න බණ්ඩාර මහතා පැවසීය.