(බී.ජී. අමරසිංහ සහ ඩී.ජේ. විජේසිංහ)
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඇල්පිටිය ඩිපෝවේ සියලුම සේවකයෝ අද (16) වැඩවර්ජනයක නිරතවූහ.
බස් ධාවනයෙන් ඉවත් වූ සේවකයින් ඇල්පිටිය ඩිපෝව ඉදිරිපිට විරෝධතාවයක් ද පැවැත්වූහ.
ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය සංවිධානය කරනු ලැබූ මෙම වැඩ වර්ජනයට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් ද සහයෝගය දක්වා තිබේ.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතිය මෙම වර්ජනයට එක්ව නොමැති බවද කියති.
වැඩි කළ රුපියල් 2500 ක මුදල ලබා දෙන ලෙස හා තවත් ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් බස් රථ 25 ක් හා රියැදුරු මහතුන් හා කොන්දොස්තර මහතුන් මෙම වැඩ වර්ජනය සඳහා එක්ව සිටි අතර මේ වන විට ධාවනය සඳහා ඇල්පිටියෙන් පිටත්ව ඇති බස් රථ කිහිපයක්ද නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවද කියති.
හෙට දිනය වන විට තම ඉල්ලීම් සඳහා යහපත් ප‍්‍රතිචාරයක් නොදක්වන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් පවත්වන බවද සේවකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇල්පිටියේ ලංගම බස් වර්ජනයක්