(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය මොහොත්තවගොඩදී පුද්ගලයකු මරණයට පත්කරමින් සිදු වූ රිය අනතුරකට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි ලොරි රථ රියදුරෙකු රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග අද(17) මහත්මිය නියම කළාය.
ඔහුගේ රියදුරු බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙසේ ඇපමත මුදාහැරුණේ කුලියාපිටිය බෝධිමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ආරක්‍ෂක හිස්වැසුම් පවා නොපැළඳ යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු අධික වේගයකින් පැමිණි බවත්, එම අවස්ථාවේදී මාර්ගය හරහා හරවමින් තිබූ ලොරිරථයක ගැටී අනතුර සිදුව ඇති බවත්, අසළ තිබූ ටයර් අලෙවිසැලක ව්‍යාපාරිකයකු සිය මෝටර් රථයෙන් ඔවුන් දෙදෙනා රෝහල් ගත කිරීමට පියවරගෙන තිබූ බවත් පොලිසි පැවසීය.
බරපතල තුවාල ලැබූ තැනැත්තා කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ සිට කුරුණෑගල ශික්‍ෂණ රෝහලට රැගෙනයාමෙන් පසු මියගිය බවත් එම රෝහලේදී මරණය සම්බන්ධ සියලූ පරීක්‍ෂණ සිදුකර ඇති බවත් පැවසූ පොලිසිය සිද්ධියෙන් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන්ගත් අනෙක් පුද්ගලයා මේ වනවිට කුලියාපිටිය ශික්‍ෂණ රෝහලෙග් ප‍්‍රතිකාර ලබන බවද පැවසීය.
රිය අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියැදුරාව 13 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ මහතා, මිය ගිය තැනැත්තා නීතිවිරෝධී මත්පැන් නිපදවන්නෙකු බවත් ඔවුන් ඒ එසම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් තඹ දඟර ඇතුලූ උපකරණ රැගෙන හදිසියෙන් යාමේදී මීටර 300ක් පමණ පැහැදිළිව මාර්ගය පෙනෙන ස්ථානයකදී තම සේවාදායකයාගේ ලොරියේ ගැටී ඇති බවත් පවසමින් සැකකරු වෙනුවෙන් ඇප අයදුම් කළේය.
කුලියාපිටිය පොලිස් රථවාහන අංශයේ සැරයන්(88608) මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු කී අතර නීතිඥ චම්පික ලසිතකුමාර මහතා සැකකාර රියදුරු වෙනුවෙන් පෙනීසිටියේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
යතුරු පැදිකරු මරණයට පත්කළ ලොරි රථ රියදුරුට ඇප