(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර කුරුස හන්දියේ උපකාරක පන්ති ගුරුවරයකුගේ නිවසට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට ගිය සිසුවියන් දෙදෙනෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් එම ගුරුවරයා අද(17) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත් වූයේ 36 හැවිරිදි එක් දරු පියෙකි.
දැරියන් දෙදෙනා ඊයේ(16) පෙරවරු සැකකාර ගුරුවරයාගේ නිවසට පැය දෙකක කාලයකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ගිය බව මූලික විමර්ශනවලදී හෙළි වූ බව පොලිසිය කියයි.
ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුවියන් ගුරුවරයාගේ නිවසට යනවිට එහි සිට ඇත්තේ ගුරුවරයා පමණක් බවද සැකකරු ඔහුගේ බිරිඳව මවගේ නිවසට පිටත් කර යවා තිබූ බවද පොලිසිය කියයි.
තම බිරිඳ නිවසේ නොමැති බැවින් තේ සාදන්න හැකිදැයි විමසා ඔවුන්ව උපක්‍රමශීලීව වෙන් කර අපයෝජනය කර ඇතැයි දැරියන් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. ඔවුන් සිය දෙමව්පියන්ට දන්වා පසුව පොලිසියට පැමිණිලි කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු අද(17) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සිසුවියන් අපයෝජනය කළ තවත් ගුරුවරයෙක් අත්අඩංගුවට
දිමුත් Tuesday, 17 September 2019 10:39 AM
මේ වගේ මිනිස්සු ගාවට ළමයි යවන්න කලින් දෙමව්පියොත් හිතන්න ඕනෙ.
raviThursday, 19 September 2019 10:02 AM
ළමයින්ව හිරකරගෙන ආරක්ෂා කරනවට වැඩිය හොඳයි මේ ළමයින්ට ඇහැ ගහගෙන ඉන්න ඔය සල්ලාලයන්ව අල්ලලා හිරේට දාන එක .